දිනකට ඇපල් ගෙඩියක් සිය ආහාරයට එක්කැර ගැනීමෙන් වයස අවුරුද 50 ඉක්මවූවන්ට හෘදයාබාධ හා අඝාතය වැළඳීමේ අවධානමෙන් වැළකිය හැකියැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙති. ඔවුන් පවසන්නේ ඉංග්‍රීසි කියමනක් වන ''දිකට ඇපල් ගෙඩියක් කෑම වෛද්‍යවරයා තමන් වෙතින් ඈත්කැර තැබීමට හැකියි" යන්න සත්‍යයක් බවයි.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ බ්‍රිතාන්‍ය හෘද පදනමේ සෞඛ්‍ය ප්‍රවර්ධන පර්යේෂණ කණ්ඩායමේ වෛද්‍ය ඇඩමි බ්‍රිජ් පවසන්නේ ඇපල් ගෙඩියක් අනුභවයට ගැනීම වැනි සරළ වෙනසක් ආහාරවේලට එක්කර ගැනීම මගින් හෘද රෝග සහ ආඝාත තත්වයන්ගෙන් වැළකී සිටිය හැකි බවයි.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ නවතම මුද්‍රණයයෙන් මේ පර්යේෂණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කැර ඇත. ඔවුන් පවසන්නේ හෘද රෝග සහ අඝාතයෙන් බේරී සිටීමට ලක්ෂ 176 ක පමණ පිරිසක් ක්ෂණික බෙහෙත් සිය සන්තකයේ තබාගන්නා බවයි. දිනකට ඇපල් ගෙඩියකින් තුනෙන් එකක් ආහාරයට එක්කැර ගැනීමෙන් ඒ ක්ෂණික ඖෂධ වලින් වැළකී සිටිය හැකි බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. ක්ෂණික ප්‍රතිකාර ඖෂධ මගින් අතුරු අබාධ රාශියක් ඇතිවේ. එනම් මාංශ පේෂි ආබාධ සහ රෝග මෙන්ම දියවැඩියාවට ගොදුරු වීම ද සිදුවේ.
හෘදයාබාද වැළඳීමෙන් බ්‍රිතාන්‍යයේ වාර්ෂිකව මියයන සංඛයාව 9400කි. ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් එවැනි හෘදයාබාද ඇතිවීම සියයට 70න් පහළ දැමිය හැකි බව ද සොයාගෙන ඇත.

COMMENTS
පද්මිණි, මොන දේශීය පලතුරද ලාබ. මන් දන්නා තරමින් නම් ඇපල් ලාබයි අඹ, මැන්ගුස්, පෙයාස්, අන්නාසි, වගේ දේවල් වලට වඩා.(නදී)
බටහිරෙන් එන ඕනෑම දෙයක් බදා ගන්න අයට මේක හොද ආරංචියක්. නමුත් ඇපල් පලිබෝධ නාශක ගොඩක් අඩංගු පළතුරක්. ඊට වඩා අපේ රටේ හැදෙන ගස්ලබු, අඹ,අන්නාසි,අනෝදා වගේ පලතුරු වල පෝෂණය ඉහලයි.(නදී)
මොන පිස්සුද , ඔය කියන්නේ ඉස්සර ඇපල්, යුරෝපනු කියමනක් තියෙනවා දැන් ඇපල් කන අය රෝහලක් ගාවින් පදිංචි වෙන්න කියල ,දැන් ඇපල් මල්හට ගැන්වීමේ සිට වෙළදපොල දක්වා රසායනික වර්ග 36 බාවිතා කරනවා , (අ)
හොඳ සොයාගැනීමක්.(නදී)
ලංකාවේ විකුණන ඇපල් කැවොත් ඉක්මනින්ම මැරෙන්න පුලූවනි.(නදී)
මේක බලලා අපේ ලංකාවේ හැමෝම ඇපල් කන්න යන්න එපා. මෙහාට එන විෂ ඇපල් කාලා ඉන් පස්සේ හැදෙන ලෙඩ මොනවද කියලා හොයාගන්න බැරි වෙනවා.(නදී)
වෙළඳ පොලේ ඇති පලතුරු වලින් වැඩිම ප්‍රමාණයක් පලිබෝධ නාශක අඩංගු පලතුරු අතර මුල් තැනක් ගන්නේ ඇපල්, ඉතින් මේ ඇපල් කෑවොත් හදවත් රෝග වලින් බේරෙන්න, අර පලිබෝධ නාශක ශරීරයේ එකතුවෙලා හැදෙන ඊට වඩා භයානක ලෙඩ ගැන මොකද කරන්නේ?(නදී)
පිටරැටියෝ කිව්වොත් අපිත් ඉස්මුදුනෙන් පිලිගන්නවා. ඇපල් කියන්නේ ඒ ඒ රටවලට ආවේනික පළතුරක්. අපේ රටේ කොයි තරම් දේවල් තියෙනවද? කීයෙන් කීදෙනාද මේ ස්වභාවික දේවල් ආහාරයට ගන්නේ. (නදී)
මෙහෙට එන ඇපල් ඔය විදියට කෑවොත් , ආහාර විෂවීමකින් මැරෙන්න පුළුවන් . ඒවාට ගහන කෙමිකල් නිසා.(නදී)
අසෝකා... ඔයා කිව වගේ අපේ පලතුරු ගැන පරේෂණ කරන්න, බලන්න විද්‍යාඥයන් නැහැ. ඉන්න අය කරන්නේ දේශපාලකයකුට කඩේ ගිහින් උසස්වීමක් ගන්ට හදන එක. (අ)
මේකත් අර ලාබෙට බෙහෙත් ඉන්දියාවෙන් පකිස්තානෙන් ගේනවා වගේ තම... දියුණු රටකින් එන ඇපල් වල රසායනික අඩුයි.හේතුව ඔවුන්ගේ ප්‍රමිතිය උසස්.එත් දැන් වෙලදපොලේ තියන ඇපල එන්නේ පකිස්තානෙන්. අර බාල බෙහෙත් වගේ තමා...(අ)
ඇපල් කන එක අපිට නම් පසුම්බියට අහිතකරි!(අ)
දැන් ඉතින් අපේ රටේ ඇති ඉතා ගුණවත් පලතුර ගැන නොසිතා අධික මුදලක් ගෙවා ඇපල්ම කෑමට සිතයි. පිටරටවල මිනිසුන් ඒ රටවල කොතරම් ඇපල් තිබුනත් ඒ ඒ වාරෙදී ඇති පලතුරු භාවිතයට ගනී. අපේ මිනිසුන් කවදත් පිටරට දේ අගේ කරන අයයි. හදවතට ගුණ ඕනෑ තරම් පලතුරු සිංහලයාට සවාභාවයෙන් ලැබී ඇත.(නදී)
පිටින් එන ඇපල් දොඩම් වල කිසිම ගුණයක් නැහැ කියල ඊනියා ජාතිවාදියෝ කාලයක් කිවා. එහෙම කිවේ දේශීය දේ මිල අදික වීමත් ජනප්‍රිය නොවීමත් නිසා ඇතිවෙච්ච හිතේ දුකට.(නදී)