බි‍්‍රතාන්‍යයේ බටහිර මිඩ්ලන්ඩ් ප‍්‍රදේශයේ සෆාරි උද්‍යානයක බිම වැටී තිබුණු අයිෆෝනයකින් තමන්ගේ පින්තූරයක් ගැනීමට උද්‍යානයේ සිටි ඇතින්නකට හැකි විය.

මේ බව හෙළිව ඇත්තේ අයිෆෝනය සොයාගෙන ඇති උද්‍යානයේ සේවකයින් එය පරීක්ෂා කළ අවස්ථාවේදීය.

ලටාබේ නම් වන සෆාරි උද්‍යානයේ වෙසෙන ඇතින්නගේ අපූරු ඡායාරූපයක් එහි විය.

සේවකයින් පවසන්නේ ඇතින්න මේ කුමක්දැයි අයිෆෝනය හොඩවැලෙන් ඒ මේ අත හරවමින් සිටියදී බොත්තම තදවී ඡායාරූපය ගැනෙන්නට ඇති බවයි.

මෙය ඇතින්නක ‘‘තමන්ගේ ඡායාරූපය‘‘ ගත් ලොව ප‍්‍රථම අවස්ථාව ලෙස සැළකේ.