උතුරු කොරියාවේ අධි ආරක්ෂිත සීමාව හරහා දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට දුම්රියක් පැමිණ ඇති බව වාර්තා වෙයි.
දශකයකට අධික කාලයකින් පසු ප්‍රථම වතාවට මෙම දුම්රිය පැමිණ තිබේ.
දුම්රිය මාර්ගය යාවත්කාලීන කිරිම සඳහා දකුණු කොරියාවේ විශේෂඥ කණ්ඩායමක් උතුරු කොරියාවට ගමන් කර ඇති බව සඳහන් වෙයි.
පසුගිය වසර පුරා දෙරට අතර ඇති වූ සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම දුම්රිය ගමන සිදුවී ඇත.
මේ තුළින් දෙරටේ දේශ සීමාව හරහා වෙළඳාම් කටයුතු පහසු කර ගැනීම බලාපොරොත්තුව වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(බීබීසී ඇසුරෙනී)
(28535)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd