ආයුධ බිම දමා සටන් අත්හැරියොත්, ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන්ට මුදල් ලබා දීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වන බව ”ද එක්ස්ප්‍රෙස්” පුවත් සේවය ඊයේ (3) අනාවරණය කළේය.
ඇෆ්ගන් සංග‍්‍රාමය ලබන වසරේ දී එනම් 2014 දී නිමා කිරීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුළු නේටෝව බලාපොරොත්තු වන අතර සටන් අත්හරින්නේ නම්, එම අල්ලස් මුදල ලබා දීමට කටයුතු කරන බව එම පුවත්පත වැඩි දුරටත් කියා සිටී.
වසරක කාලයක් සඳහා මාසිකව තලේබාන් සංවිධානයට බි‍්‍රතාන්‍ය පවුම් 100 ක (ඇමෙරිකන් ඩොලර් 152) මුදලක් ලබා දීමට බි‍්‍රතාන්‍ය බලධාරීහු තීරණය කර ඇති බවත් ඒ සඳහා නේටෝවේ ද සහාය හිමිවන බවත් ‘ද එක්ස්ප්‍රෙස්’ පුවත්පත වැඩි දුරටත් කියා සිටී. එම කටයුත්තේ දී නේටෝව ද පවුම් බිලියන 6.6 ක මුදලක් වෙන් කර ඇතැයි ද වාර්තා වේ.
මේවනවිට බි‍්‍රතාන්‍ය සෙබළුන් 8,000 ක් ඇෆ්ගනිස්තානයේ සංග‍්‍රාමවල නියැළී සිටින අතර මේ වසර අවසන් වෙද්දී එය 5,200 තෙක් අඩු කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වේ. සෙසු පිරිස ලබන වසරේ දී ඉවත් කර ගැනීමට නියමිතය.
ඇමෙරිකා හමුදාව ප‍්‍රමුඛ නේටෝව, ඇෆ්ගනිස්තානය ආක‍්‍රමාණය කළේ 2001 වසරේ දීය. ඒ, තලේබාන් පාලනය පෙරළා දමමිනි. ඉන්පසු තලේබාන් සංවිධානය අවි අතට ගෙන සටන් ඇරැඹූ අතර, අද වන තෙක්ම ඔවුන් පරාජය කිරීමට විදෙස් හමුදාවට හැකි වී නැත.
ඇෆ්ගනිස්තානයේ හමීඞ් කර්සායිගේ රජය පිහිටුවීමට කටයුතු සැලැසුම් කර දුන්නේ ද ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ බටහිර රටවල්ය. ඇෆ්ගන් රජය පවත්වාගෙන යෑමට බටහිර රටවලින් ආධාර මුදල් ද ලබා දෙයි.
2014 වසරේ දී සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කර, විදෙස් හමුදා පිටවී ගියහොත්, ඉරාකයේ සිදුවන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිලේවි යැයි ඇෆ්ගන් ජනපති ප‍්‍රමුඛ රජය බිය පළ කර තිබේ.
ඇෆ්ගන් රජයේ ඉල්ලීම මත ඇමෙරිකන් හමුදා කඳවුරු කිහිපයක් 2014 වසරෙන් පසුවත් පවත්වාගෙන යෑමට ඇමෙරිකාව පසුගියදා කැමැත්ත පළ කළේය. ඇමෙරිකා හමුදා එම කඳවුරු පවත්වාගෙන යනු ඇත්තේ ඇෆ්ගන් රජයේ කොන්දේසිවලට අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පවුම් 100 දෙන්නේ එක්කෙනෙක්ටද නැතිනම් මුළු සංවිධානයටමද?(නදී)
අන්න මාරු වැඩේ
හාහ් හාහ් හාහ් ..."අනේ සල්ලි දෙන්නම් ගහන්න එපා" කියනවා වගේ වැඩක් නේ. කප්පමක් ගෙවා හෝ මේ කොටි වලිගය වගේ යුද්ධය අතහැරගන්න මහා බලවතුන්ට සිද්ධ වෙලා!!! ඔන්න ලගකදී ඉදල එහෙනම් ඔය කයිවරු ගහන බ්‍රිතාන්‍ය ලෝකේ දරුනුම ත්‍රස්තවාදී සංවිධානයට කප්පම් ගෙවා ජීවිතේ බේරාගෙන ඉන්න තත්වයක් බලාගන්න පුළුවන්. ඔය වගේ ඒවා මෙතෙක් උනේ කැලණිය පැත්තේ විතරයි! (නදී)
පරාජය බාරගැනීමක්... (නි)
මුරුගන් ලංකාවට තිබ්බේ ඔය ටිකම 83 කරන්න. එතකොට ඔය කතාව කියන්නේ අද ඔයානේ.(නදී)
අපේ ආයුධ තියාගෙන හිටපු ත්‍රස්තවාදී කණ්ඩායම් වලට මේ අයගේ පැත්තේ අය සල්ලි දුන්නේ මොකද දන්නැ? අපේ ආණ්ඩුවේ ආයුද බිමට දාන්නද?(නදී)
ඕක වෙන වැඩක් නෙවේ. ඔය සල්ලිත් අරන් යුද්ද කරයි.... කරන්නම දෙයක් නැතිනම් පරමාණුවක් ගහල දාන්න. එක්කෝ ඉදි නැති නම් යයි.(ස)
වක්‍රා කාරව සටන් විරාමයක් (දී)