IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආදි මුත්තා තවත් ගැටළුවක් ඇති කරයි

අදින් වසර ලක්ෂ හතරකට පෙරාතුව මිහිමත ඇවිද ගිය මානවයකුගේ ඩී.එන්.ඒ. පරීක්ෂා කැර බැලීමේ දී පරිනාමය පළිබඳ තවත් ගැටළුවක් ඇතිවී තිබේයැයි ස්පාඤ්ඤයේ මානව විද්‍යාඥ ජුවන් ලුවිස් අර්ගුසා ඇතුළු කණ්ඩායම පවසයි.

ස්පාඤ්ඤයේ ඒටර්පූකා කන්දේ මීටර 12ක් ගැඹුරින් හමුවූ පොසිල එකතුවක තිබී මේ මානව අස්ථි හමුවි ඇත. එය මානවයකුගේ පාදයේ ඉහළ කොටසේ අස්ථියකි. මයිට්‍රොකොන්ඩියම වි‍ශ්ලේෂණ තාක්ෂණය භාවිතා කරමින් හා ජානමය ද්‍රව්‍ය උපයෝගී කැරගනිමින් අස්ථිය යළි ගොඩනැගීමට සමත්වූ විද්‍යාඥයන් එය ඩී.එන්.ඒ. පරීක්ෂාවකට බඳුන් කළේය.

ඒ අනුව පෙනීගියේ එය ලොව මෙතෙක් සොයාගත් පැරණිතම මානව අස්ථිය විය හැකි බවයි. මෙය පැරණි හොමොනින් මානවයාගේ හෝ බොහෝ දෙනකු විද්‍යාත්මකව හඳුන්වන හෙඩෙල්බෙර්ගෙන්සිස් ගේ විය හැකි බව පර්යේෂකයෝ කියති. කෙසේ වෙතත් ඩී.එන්.ඒ. පරීක්ෂාවේ දී පෙනී ගොස් ඇත්තේ පුරාණ හොමිනි මානවයා හා නියැන්ඩර්තාල් මානවයා අතර ජානමය බන්ධුතාවක් ඇති බවයි. මෙය මෙතෙක් මානව පරිනාමය පිලිබඳව තිබූ මතවාදයන් යළිත් අභියෝගයට ලක්කරන්නක් බවට පත්ව ඇත.



අදහස් (0)

ආදි මුත්තා තවත් ගැටළුවක් ඇති කරයි

කලීල් Thursday, 12 December 2013 10:14 PM

විද්‍යාවේ දියුණුවත් සමග තවත් බොහෝ කරුණු සොයාගත හැකිවේවි (නි)

:       0       0

අජිත් Friday, 13 December 2013 02:38 PM

බුදු හාමුදුරුවෝ දෙසු දහම සත්‍යයි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 12 December 2013 11:34 PM

අවසානයේ කුමක් සිදුවේවිද මන්දා? (නි)

:       0       0

කුමාර් Friday, 13 December 2013 12:28 AM

අපි නොදන්නා දේ ඉතිහාසය තුළ තව කොපමණ සැගවී ඇද්ද? (නි)

:       0       0

කුමාර් Sunday, 15 December 2013 12:51 PM

චන්ද්‍රසිරි, අවසානය දැනගන්නම ඕනනම් බයිබලයේ අවසාන පොත "හෙළිදරව්ව" කියවන්න.(නදී)

:       0       0

පෙරේරා Saturday, 14 December 2013 02:30 AM

විද්‍යාවට දෙවියන්ගේ ප්‍රඥාව ඉක්මවා යා හැකිද? (නදී)

:       0       0

කමල් Friday, 13 December 2013 06:14 PM

නැති දෙයක් උපකල්පනය කරගෙන පරීක්ෂණ කලොත් මෙහෙම තමයි වෙන්නේ.(නදී)

:       0       0

අමිත් Saturday, 14 December 2013 05:26 AM

ලෝකයේ, විශ්වයේ සත්‍යය කුමක්ද? ගවේශකයින්ට කවදා නිවැරදි පිළිතුරක් දිය හැකිද? (නදී)

:       0       0

පල්ලෙවෙල Friday, 13 December 2013 11:05 AM

ඕකේ අවසානයක් දකින්න බෑ (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site