ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර ප‍්‍රධාන දුම්රිය පොළේ පෙරේදා (22) රාති‍්‍රයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය ගණන 50 තෙක් ඉහළ ගොස් ඇති බව එරට රජය නිවේදනය කරයි. අනතුරින් තුවාල ලැබූ 700 කට වැඩි පිරිසක් රෝහල් ගත කර සිටින ඇති අතර ඔවුන්ගෙන් දෙසීයකගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. අනතුර සිදුවූයේ දුම්රිය පොළේ නවතා තිබූ මගී දුම්රියක, තවත් මගී දුම්රියක් හැපීමෙනි. ආජන්ටිනාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය යැයි මාධ්‍ය වාර්තා කරයි. අනතුරට හේතුව තවමත් සොයා ගෙන නැති අතර අනතුර ගැන දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වේ. දුම්රිය මැදිරි තුළ සිරවූවන් බේරාගනිමින්...