අභාවප‍්‍රාප්ත නායක හියුගෝ චාවේස්ගේ අවසන් කටයුතු හෙට (8) පැවැත්වෙන බවත් දින 30 ක් ඇතුළත ජනපතිවරණයක් පවත්වා නව නායකයකු තෝරා ගන්නා බවත් වෙනිසියුලා රජය වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති එලියාස් ජුවා ඊයේ (6) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
මේ වනවිට චාවේස්ගේ දේහය කැරකස් අගනුවර හමුදා ඇකඩමියේ තැම්පත් කර ඇති බවත්, අවසන් කටයුතු කරන හෙට දිනය, ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති බවත් වෙනිසියුලානු විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.
චාවේස්ගේ අභාවය වෙනුවෙන් දින 7 ක ශෝඛ කාලයක් ප‍්‍රකාශයට පත් කිරීමට ද වෙනිසියුලානු රජය කටයුතු කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.