ප‍්‍රකට රූපවාහිනී නාළිකාවක් වන අල් ජසීරා සේවයේ ප‍්‍රධානී වඩා කන්ෆාර් මහතා පෙරේදා (20) ඉල්ලා අස්විය. ඊට හේතුව මෙතෙක් හෙළිවී නැත. අල් ජසීරා රූපවාහිනිය, මෑත කාලයේදී අන් කිසිම රූපවාහිනී නාළිකාවකට වඩා සේවයක් අරාබි ලෝකයට ඉටු කළේය. අරාබි රටවල් තුළ මතුවූ විරෝධතා ව්‍යාපාර පිළිබඳ පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දුන්නේ අල් ජසීරා රූපවාහිනියයි. අල් ජසීරා රූපවාහිනියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අල්-ජසීරා කාර්ය මණ්ඩලය වෙත යවා ඇති අතර. ඒ පිළිබඳව ”ටිවිටර්” මාධ්‍ය ජාලය ඔස්සේ ද ප‍්‍රකාශයක් කර තිබුණි. ”මේ තීරණය හදිසියේ ගත් එකක් නොවෙයි. මණ්ඩලයේ සභාපතිට මේ බව මං කීප වරක් කියා තිබෙනවා. සභාපති මහතා මාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ගැන සතුටු වෙනවා” යැයි අල් ජසීරා හිටපු අධ්‍යක්ෂ-ජෙනරාල් වඩා මහතා කියා සිටියේය. අල් ජසීරා චන්ද්‍රිකා රූපවාහිනී සේවය ආරම්භවූයේ 1996 දීය. එතැන් පටන් එම මාධ්‍ය ජාලය මැදපෙරදිග කලාපය තුළ ප‍්‍රවෘත්ති විකාශය අතින් ඉහළ මට්ටමක සිටී.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල් ජසීරා රූපවාහිනී ජාලයේ ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි