IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


‘අයි එස් අලුගෝසුවා ටිං ටිං පස්සෙත් පන්නයි‘

සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. හෙවත් ඉස්ලාමීක් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ටින්ටින් යනු මාධ්‍යවේදියෙකි. රට රටවල සංචාරය යෙදෙමින් වීර වික්‍රමවල යෙදෙන ටින්ටින් චරිතය නිර්මාණය කරනු ලැබුවේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී විසිනි. ඔහු ටින්ටින් කතා නිර්මාණය කළේ ‘හර්ජ්‘ යන අනුවර්ථ නාමයෙනි. ටින්ටින් චිත්‍රකතා පොත් පෙළට අනුව හඳට ගිය පළමු මාධ්‍යවේදියා ද ටින්ටින්ය.

අයි.එස්. ත්‍රස්තවාදීන් මේ වනවිට විදෙස් මාධ්‍යවේදින් රැසකගේ බෙලි කපා මරා දමමින් එම දසුන් අන්තර් ජාලයට මුදා හැර ඇත. ඊට විරෝධය දැක්වීමක් ලෙස ටින්ටින් රසිකයන් පිරිසක් මෙම නිර්මාණය කරන්න ඇතැයි පැවැසෙයි.

අන්තර් ජාලයේ පළ වී ඇත්තේ ජිහාදි ජෝන් අළුගෝසුවා ටින්ටින් මරා දැමීමට සූදානම් වන අයුරු දැක්වෙන සිතුවමකි. එය zඉරාකයට ගිය ටින්ටින්Z යනුවෙන් නම් කර ඇත.

පළමු වරට ටින්ටින් වික්‍රමයක් එළිදැක්වූයේ 1930 දීය. එය ‘සොවියට් දේශයට ගිය ටින්ටින්‘ නම් විය. දෙවැනි ටින්ටින් වික්‍රමය වන ‘කොංගෝ ගිය ටින්ටින්‘ නිර්මාණය වූයේ 1931 දීය. මෙම පොත් දෙකම දැඩි ලෙස විවේචනයට ලක් විය. මේවා වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ හෝ මේවා ඇසුරින් කාටූන් නිර්මාණය වූයේ හෝ නැත.

10492529_1541332349452312_490869051384800978_n



අදහස් (0)

‘අයි එස් අලුගෝසුවා ටිං ටිං පස්සෙත් පන්නයි‘

හර්ෂ Monday, 16 February 2015 03:52 AM

චන්ද්‍ර ස්තුතියි, එවැනි දේත් වැදගත්. චරිතයක් වටා තිබෙන සියලු දේ වැදගත්. ටැන් ටැන් චරිතයට එහි සමාජ මෙහවර උදෙසා සම්මාන පවා ලැබිලා තියෙනවා (නදී)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 04:50 AM

ත්‍රස්තවාදයට උඩ ගෙඩි (නදී)

:       0       0

එරංග Monday, 16 February 2015 05:09 AM

ස්නොවී කෝ ? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 15 February 2015 07:44 PM

ටින්ටින් නියම උච්චාරණය ටැන් ටැන් ලෙසින් විය යුතුය. මෙම චරිත නිර්මාතෘ හර්ජ් විසින් එය පවසා ඇත.(නදී)

:       0       0

ශිරන්ති Tuesday, 17 February 2015 04:13 AM

ටින් ටින් වැනි අහිංසක චරිතයක් යොදාගෙන කළ මෙම කාටුනයෙන් කුරිරු ත්‍රස්තයන්ගේ ම්ලේජ්ජ බව වෙත සමාජ අවධානය තවත් ලැබී ඔවුන් හෙළා දැකීමට මහඟු රුකුලක් ලැබෙනවා .(දිල්)

:       0       0

අනුර Monday, 16 February 2015 02:24 AM

උච්චාරණය මෙතනට අදාල වැදගත් කරුණක් නොවේ. (නදී)

:       0       0

නුවන් Monday, 16 February 2015 12:57 PM

මම දැක්ක එංගලන්තේ ඉන්න කට්ටියක් පෙප්ප පිග් කියන කාටුන් එකට විරුද්දව පෙළපාලි යන්න හදනවා.මොකද ඒකෙ ඌරෙක් ඉන්න නිසා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 126 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2329 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 631 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3172 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3522 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


රොබෝ කරපු හදවත් සැත්කම
2024 සැප්තැම්බර් මස 15 1603 1

සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. ’කිංග් ෆයිසාල්’ රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 64 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2120 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 983 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site