ඊජිප්තුවේ උතුරුදිග සිනායිහි පොලිස් මුරපොළකට සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් අටදෙනකු මියගොස් ඇත.
මෙහිදී සිදුවූ ගැටුම් වලින් ත්‍රස්තයින් පස්දෙනකු මියගිය බව ආරක්ෂක අංශ පවසයි.
මුස්ලිම් ජාතිකයින් ඊද් උත්සවය සමරන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
අයිඑස්අයිඑස් සංවිධානයේ ජිහාද් කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇතැයි පැවසේ.
කෙසේ වුවද ඉස්ලාම් සංවිධානයට අයත් අමාක් ප්‍රවෘත්ති සේවය පවසා ඇත්තේ පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගිය බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd