ඕස්ටි‍්‍රයා තරුණියෝ දෙදෙනෙක් අන්තවාදීන්ගේ කුරිරුකම් හමුවේ නැවත සියරට පැමිණීමට බැගෑපත් වෙමින් සිටිති. දෙදෙනාම ගැබ්ගෙන සිටිති.
සම්රා කෙසිනොවික් (17) හා ඇයගේ මිතුරිය සබී‍්‍රනා සෙලිමොවික් (15) රහසේම ඔස්ටි‍්‍රයාවෙන් පළා ගියේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. තමන් අයිඑස් අන්තවාදීන් හා එක්වීමට යන්නේයැයි කියමින් තමන් ගැන නොසොයන්නැයිද ඔවුන් දෙදෙන එක්ව ලියා තිබූ ලිපියක් පසුව සොයාගැනිණි.
පොලිසිය හා රහස් පරීක්ෂකයින් එක්ව සිදුකළ පරීක්ෂණ වලින් තරුණියන් දෙදෙනා අයිඑස් මූලස්ථානය ලෙස සැළකෙන රකා නුවර බලා ගොස් ඇතැයි අනාවරණය විය.
මුල් සමයේදී ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්,ට්විටර් ගිණුම් ආදියේ දැක්වුනේ අන්තවාදීන් හා ගතකරන ජීවිතය ඉතාම සැපවත් බව ඇඟවෙන කරුණුය.අන්තවාදීන් හා සම්බන්ධවීම මේ තරුණියන් දෙදෙනා මහත් භාග්‍යයක් සේ සළකන බව ඒවායින් පෙනුනි.
නමුත් ඒ සියල්ල මුලාවක් බව පෙනී ගොස් තිබෙන්නේ පසුගිය දිනෙක නොසිතූ පරිදි මේ තරුණියන් දෙදෙනා ඔවුන්ගේ දෙමව්පියන් හා සම්බන්ධවීමත් සමගය.තමන් සිරියාවේ අපාදුක් විදිමින් සිටින්නේයැයිද නැවත ගෙදර පැමිණීමට වුවමනායැයිද කියමින් ඔවුන් හඩාවැටී ඇතැයි සදහන්ය.
පොලිසිය පවසන්නේ අයිඑස් අන්තවාදීන් තරුණියන් දෙදෙනාගේ ෆේස්බුක් හා වෙනත් සමාජ වෙබ් අඩවි වල පාලනය ඔවුන් අතට ගෙන ඇති සෙයක් පෙනෙන්නට ඇති බවයි.නිවසින් පළා යෑමෙන් පසු එම ගිණුම් යාවත්කාල කර ඇත්තේ ඔවුන් නොව අන්තවාදීන් බව පොලිසියේ අදහසයි.
තරුණියන්ගේ රූපය මගින් තවත් බටහිරයන් රවටා සංවිධානයට බදවා ගැනීම ඔවුන්ගේ සැළැස්මවී ඇතැයි සැළකේ. වැරදි වටහාගත්තද දැන් පමා වැඩිය. ‘‘ගියොත් ගියාමයි‘‘ යන මතයේ සිටින ඔස්ටි‍්‍රයා බළධාරීන් පවසන්නේ තරුණියන්ට රකා නගරයෙන් පිටවීමට අන්තවාදීන් ඉඩදෙනු ඇතැයි තමන් නොසිතන බවයි.අනෙක් අතට ඔවුන්ගේ තොරතුරු ලෝකය පුරා හුවමාරුවී තිබියදී,තවත් පුද්ගලයින් ඔවුන්ගේ ආදර්ශය ගෙන අන්තවාදීන් හා සම්බන්ධවී ඇති තොරතුරු ලැබී තිබියදී ඔවුන්ව සියරට කැදවා ගැනීම ගැටළු සහගත බව ඔවුන් පවසයි.
මේ තරුණියන් දෙදෙනා ආදර්ශයට ගෙන නිවසින් පළා යෑමට තැත් කළ ඔස්ටි‍්‍රයා ජාතික නව යොවුන් තරුණියන් දෙදෙනෙකු මව්පියන්ගේ අතටම හසුවුනේ මෑතකදීය.
සිරියාවේ සිටින තම දරුවන් දෙදෙන හා නැවත සම්බන්ධවීමට ඔවුන්ගේ දෙමව්පියන් මේ දිනවල උත්සාහ කරමින් සිටී. බොහෝ දෙනාගේ අදහස වන්නේ මේ තරුණියන් දෙදෙනාගේ වරද වචන ටිකකට,ඡායාරූපයකට රැවටී මිනිස් කමට නිගා දෙන අන්තවාදී කි‍්‍රයාකාරකම් වල නියැලීමට යන්නවුන්ට පාඩමක් කර ගත යුතුව ඇති බවයි.
‘‘හොඳ පාඩමක්‘‘ කියන්නවුන්ට අමතරව අන්තවාදීන් මෙන් කටයුතු නොකර ශිෂ්ටසම්පන්න මිනිසුන් ලෙස තරුණියන් දෙදෙනට සමාව දී ඔවුන්ව නැවත සියරට කැදවා ගැනීමට බළධාරීන් උත්සාහ කළ යුතුයැයි පවසන පිරිසක්ද සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්ග(හේ)
මේ අය වීරයින් කියා කියන කොටසකුත් ඉන්නවා නේද? (නි)
ඔවුන් ගෙන්වාගැනීමත් වැරදි පූර්වාදර්ශයක් නොවේද? (නි)
සාමයේ,ආගමේ තවත් ගොදුරු දෙකක්.(හේ)
දැන් තේරෙනවා ඇති නේද? (නි)
පින්තුරු දෙක එකෙට එක ගැලපීමක් නැහැ ?යුද්ධයකදී කව්ද අනේ සුරසැප දෙන්නේ ? (හේ)
මේ තමයි 'අර' අයියල' කියන සාමයේ දර්මයේ ඇත්ත. ගියොත් ගියාමයි (නදී)
අපේ රටේ ළමා කොටි පුනරුත්ථාපනය කළා වගේ මේ අයත් පුනරුත්ථාපනය කළ යුතුයි.(හේ)
සාමයේ දෙව්දුවගේ ආගමේ තවත් එක සොදුරු ත්‍යාගයක්.... මේ නංගිලා දෙන්න දිහා බලලවත් අපේ රටේ අය හැදෙනවානම් කොච්චර හොදද....(අ)
මේවගේම තමා ලංකාවේ ත්‍රස්තවාදීන් කලෙත් , අයි එස් ත්‍රස්තයන්ට වඩා ලෝකෙම තිබුන භයානක ත්‍රස්තයන් අපේ රටේ සිටියේ , මුළු ලොවම කිවේ රට දෙකට බෙදීම හැර විසදුමක් නැහැ කියලා , එහෙත් අපේ වාසනාවට සිංහල හමුදාව රට බෙර ගත්තා.(හේ)
දැන් නම් දෙන්නව හප කරලා ඇති. (නදී)
අනේ එයාලට " කැමති කෙනෙක්" ලඟට යන්ට දෙන්ටකෝ. දෙනාටමත් සල්ලම් වෙලානේ (අ)