අයිඑස් ත්‍රස්තයන් තරුණියන් සිව්දෙනකු දූෂණය කර ගල් ගසා මරා දැමූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
ඉරාකයේ මෝසුල් නුවර සිදුකළ මෙහෙයුමකදී අයිඑස් ත්‍රස්තයන් මෙසේ තරුණියන් සිව්දෙනකු ගල් ගසා මරා ඇතැයිද ඔවුන් අනාචාරයේ හැසිරීම ඊට හේතුව බවද කියති.
ශරියා නීතිය යටතේ අදාළ තරුණියන් ගල්ගසා මරා දැමීමට නියෝග කර ඇතැයිද ඊට පෙර අයිඑස් ත්‍රස්තයන් විසින් එම තරුණියන් සිව්දෙනා දූෂණය කරනු ලැබ ඇතැයිද විදෙස් පුවත් සේවා කියයි.
COMMENTS
ලංකාවේ වෙන දේවලුත් මේ විදිහට හොයන්න ඕනෑ (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)