අයි එස් ත්‍රස්තවාදීන්ගේ බලකොටුවකට ඉහලින් එෆ් 16 යානය පියාසර කරමින් සිටියේ ය. හදිසියේ ඉන්ධන පද්ධතියේ දෝෂයක් මතු විය. මිනිත්තු 15ක් පියාසර කිරීමට වඩා ඉන්ධන නොතිබිණි. ඉන්ධන යානයකින් ගුවනේ දී ඉන්ධන පුරවා ගැනීමට උත්සාහ කළ නමුත් කාර්මික දෝෂයක් ඊට හරස් විය.
ඒත් ඇමෙරිකා ගුවන් යමුදාවේ කේ සී 135 ස්ට්‍රාටෝ ටැන්කර් ඉන්ධන යානයේ නියමුවනට ගණ දෙවි නුවනක් පහළ විය.
කාර්මික දෝෂය තිබුණත් මිනිත්තු 15න් 15ට ඉන්ධන පුරවමින් ඔහු යානා දෙක සතුරු ගුවන් තලයෙන් ඈතට පියාසර කළේය.
කෙසේ වෙතත් සිද්ඩිය වූ ස්ථානය හෝ යානය අයිති රට කුමක්ද යන්න ඇමෙරිකා ගුවන් හමුදාව ප්‍රකාශ කර නැත. ස්ලාම් රාජ්‍ය දේශසීමාවේ දී මෙය සිදුවන්ට ඇත.
ගුවනේදී ඉන්ධන පුරවා ගත නොහැකි වූයේ නම් නියමුවාට පැරෂුටයක ආධාරයෙන් යානය අතහැර බිමට පැනීමට හැකියාව තිබුණත්, එසේ පැනීමට සිදු වන්නේ අයිඑස් ත්‍රස්තවාදීන්ගේ බලකොටුවකටය.
මින් පෙර ජෝර්දානු නියමු මොආස්ට මෙවන් සිදුවීමක් සිදුවිය. ඔහු පැරෂුටයක් මගින් දිවි ගලවාගෙන ගොඩ බිමට ගොඩ බට නමුත් අයි එස් සටන්කාමීහු ඔහු අල්ලාගෙන සිරුර පන පිටින් පුළුස්සා මරා දැමූහ.
ඇමෙරිකා ස්ට්‍රාටෝ ටැන්කර් නියමුවන් නොසිටින්නට ජෝර්දානු නියමු මොආස් අල්-කසාස්බේට සිදුවූ ඛේදනීය සිදුවීම මෙම නියමුවාට සිදු වන්නට ඉඩ තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගණදෙවි නුවන නෙමෙයි තැනට සුදුසු නුවන ගනදෙයන්ට ඇති නුවනක් නැහැ (අ)
බොහොම හොඳයි (නි)
ත්‍රස්තවාදය සහමුලින්ම හමාර කරන්න ඕනෑ (නි)
සමීර හරි මල්ලි (නි)
තැනට සුදුසු නුවන පාවිච්චි කරලා තියනවා. (බ)
අයිඑස් අන්තවාදීන් මර්දනය කරන මොවුනට අල්ලාහ් දෙවි පිහිට ලැබේවා!! (අ)
ජිවිත බේරුන එක නම් ලොකු දෙයක්. (ර)