අප්‍රිකාවේ චැඩ් විල ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ සටනක දී බටහිර අප්‍රිකානු හමුදා විසින් අයිඑස් ත්‍රස්තයින් 42දෙනකු මරා දමා ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කරයි.
ඇතිවූ ගැටුම්වලින් එක් සොල්දාදුවකු මියගොස් 10දෙනකුට තුවාල සිදුවී ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පවසති.
ජුනි 21වනදා මෙම සටන් ආරම්භ වූ අතර පසුගිය මාස හය ඇතුළත ත්‍රස්තයින්ට සිදුවූ දරුණුම පාඩුව මෙය බව මාධ්‍ය සඳහන් කර ඇත.
මේ සම්බන්ධව වාර්තා කරමින් අයිඑස් සංවිධානය පවසා ඇත්තේ චැඩ් විල ආශ්‍රිතව සිදුවූ සටන්වලින් සොල්දාදුවන් 15දෙනකු මියගිය බවයි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවද ඔවුහු පවසති.
කෙසේවුවද අයිඑස් සාමාජිකයින් කොපමණ සංඛ්‍යාවක් මියගියේද යන්න සම්බන්ධව ඔවුන් කිසිවක් ප්‍රකාශ කර නැත.
චැඩ් විල වටා පිහිටි රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් හමුදා නිලධාරීහු අයිඑස් භටයින්ට විරුද්ධව සටන් කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd