IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අප්‍රිකානු සූකර උණ රෝගයට ඉන්දුනීසියාවත් ගොදුරු වෙයි

ඌරන්ට මාරාන්තික වන අප්‍රිකානු සූකර උණ රෝගයට ගොදුරු වූ නවතම ආසියානු රට බවට ඉන්දුනීසියාව පත්ව තිබේ.

උතුරු සුමාත්‍රාවේ ඌරන් 30000කට ආසන්න සංඛ්‍යාවක් මෙම රෝගයෙන් දැනට මියගොස් ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
 සූකර උණ හේතුවෙන් මෙම වසරේ චීනයේ ඌරු ගහනය අඩකින් අඩුවී ඇතැයි වාර්තා වේ.
 
මෙම රෝගය ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම වැලැක්වීම සඳහා ජෛව ආරක්ෂණ හා නිරෝධායන උපක්‍රම දැඩි කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.
 
සූකර උණ වෛරය මිනිසුන්ට හානිකර නොවන නමුත් එමගින් ඌරු ගහනයක මරණ අනුපාතය සියයට සීයක් දක්වා ඉහල යාමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 
 
ශක්තිමත් වෛරසයක් වන මෙය ධාරකයෙකු නොමැතිව දින හතරක් සහ ශීත කළ ඌරු මස් නිශ්පාදන වල මාස ගනනක් නොනැසී පවතී.
 
ගිනිකොනදිග ආසියානු කළාපයේ රටවල් අතරින් පිලිපීනයේ හා වියට්නාමයේ ද දරුණු ලෙස වෛරසය පැතිිරෙමින් පවතියි.
 
මේ හේතුවෙන් වියට්නාමයේ ඌරු මස් නිශ්පාදනය මෙම වසරේ සියයට 21කින් සහ ලබන වසරේ තවත් සියයට අටකින් පහල යනු ඇතැයි අනතුරු අඟවා ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

අප්‍රිකානු සූකර උණ රෝගයට ඉන්දුනීසියාවත් ගොදුරු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 612 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site