නූතන අපි‍්‍රකානු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන නයිජීරියානු ලේඛක චිනුආ අචේබේ පෙරේදා(23* සිය දිවියෙන් සමුගත්තේය. අචෙබේ මියයන විට අසූදෙහැවිරිදි වියේ පසුවිය.
බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය හා සාම්ප‍්‍රදායික ඉග්බෝ සංස්කෘතිය අතර ඇති ගැටුම නිරූපනය කරන ‘‘තිංග්ස් ෆොල් අපාර්ට්’’ නමැති ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගත් කෘතිය අචේබේගේ සාහිත්‍ය නිර්මාණයකි. 1958 දී රචිත එම කෘතියේ පිටපත් මිලියන 10ක් අලෙවි වූ අතර භාෂා 50කට පරිවර්තනය වී ඇත.
1930 දී ගිනිකොනදිග නයිජීරියාවේ ඔගිඩි පළාතේ උපන් අචේබේ හැදී වැඩුණේ බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේදීය. නයිජීරියාවේ දේශපාලනය දැඩි ලෙස විවේචනය කළ සාහිත්‍යධරයකු ලෙස ද අචෙබේ ප‍්‍රකටය.
අචේබේ සිය ජීවිතයේ අවසාන කාලයේදී ඇමෙරිකාවේ වාසය කළ අතර රෝඞ් ¥පත්හි පිහිටි බ‍්‍රවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙකි. (නි)