ලන්ඩන් නුවර හවූන්ස්ලෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවයට සහභාගිවීම සඳහා බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක බොරැල්ලේ අතුල නාහිමියෝ ලන්ඩන් නුවරට වැඩම කර සිටියි.
ඒ හිමියන්ගේ මෙහෙයවීමෙන් අටවිසි බුද්ධ පුජාමය පිංකම 21 වන සෙනසුරාදා සවස 6 ට ලන්ඩන් නුවර හෙස්ටන් ප්‍රාථමික පාසලේදී පැවැත්වෙයි. කඨින පිංකම 22 වන ඉරුදින උදැසන 6 සිට එම පාසල් ශාලාවේදීම සංවිධානය කැර ඇත. කඨින පෙරහැර, සංඝගත දක්ෂිණාව, කප්රුක් පුජාවට සුදුවතින් සරසි පැමිණෙන ලෙස හවූන්ස්ලෝ අතුල දස්සන විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd