IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අතුරුදන් වු සබ්මැරීනයේ කාර්මික දෝෂයක්

නාවිකයන් 44දෙනකු සමඟ පසුගිය බදාදා (15) අතුරුදන් වූ ආජන්ටිනාවට අයත් සබ්මැරීනයේ කාර්මික දෝශයක් හටගෙන ඇති බවත් එයින් නිකුත් වූ අවසාන පණිවුඩයේ සඳහන් වූයේ යැයි ආජන්ටිනා නාවික හමුදාව පවසයි. 
 
මෙම සබ්මැරීනය ආජන්ටිනාවට අයත් මුහුදේ කිලෝමීටර් 430 ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිටියදී ගොඩබිම සමඟ පැවති සබඳතා බිඳවැටුණු බව වාර්තා විය. 
 
සොනොර් උපකරණ යොදාගෙන දින හයක් තිස්සේ දකුණු අත්ලාන්තික් සාගරය පීරමින් මෙහෙයුම් සිදු කළද මෙතෙක් යාත්‍රාව සම්බන්ධ කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.  
 
මුහුද යට මෙහෙයුම් සිදු කරන විශේෂ කණ්ඩායමක් ඇමෙරිකාවෙන් ගෙන්වාගෙන තිබුණු අතර බෝට්ටු සහ ගුවන් යානා ද මෙහෙයුමට සම්බන්ධ විය. සෝනාර් උපකරණ වලට දැනුණු ශබ්ද සබ්මැරීනයෙන් නිකුත් වූ ඒවා නොවන බව පසුව වාර්තා විය.
 
සබ්මැරීනය ආජන්ටිනාවේ උශුරා නාවික කඳවුරේ සිට උතුරින් පිහිටි මාඩෙල් පෙටා කඳවුර වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබිණි.
 
1983 වර්ෂයේ ජර්මනියේ නිපදවා ඇති මෙම යාත්‍රාව දිගින් මීටර් 66ක් පමණ වන අතර පැයට කිලෝමීටර් 45ක වේගයෙන් ධාවනය කළහැකිය.
 
(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

අතුරුදන් වු සබ්මැරීනයේ කාර්මික දෝෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site