අඟහරු ග‍්‍රහලොව ගවේෂණයට රොබෝ යානයක් යැවීමට ඉන්දියාව සූදානම් වන බව අගමැති මන්මෝහන් සිං පවසයි. ඉන්දීය අගමැතිවරයා මේ බව අනාවරණය කළේ පෙරේදා (15) ඉන්දීය නිදහස් දින දා කළ විශේෂ දේශනයේදීය. ”අප රොබෝ ගවේෂණ යානයක් අඟහරු වෙත යවනවා. එය අඟහරු කක්ෂයේ රැඳී සිට අඟහරු වටේ යමින්, තොරතුරු ලබා ගනීවි” යැයි අගමැතිවරයා කියා සිටියේය. එය තාක්ෂණික වශයෙන් ඉන්දියාව ලබා ගන්නා විශාල ජයග‍්‍රහණයක් වනු ඇති බවත්, ඉන්දියානුවන් සෑම දෙනාටම ආඩම්බර විය හැකි කරුණක් වනු ඇති බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. අඟහරු වෙත ගවේෂණ යානයක් යැවීමට තමන් සූදානමින් සිටින බව ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයද මීට සති කිහිපයකට පෙර පවසා තිබුණි. ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පවසන්නේ අඟහරු මෙහෙයුමට ඉන්දීය රුපියල් බිලියන 5 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 70 ක් 90 ක් අතර මුදලක්) වැය වනු ඇතැයි කියාය. මේ වනවිට අඟහරු ගවේෂණ යානයේ ඉදිකිරීම් කටයුතු සහ අත්හදා බැලීම් සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මාසයේ දී එය අඟහරු වෙත යැවීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පවසයි. ඉන්දියාව මීට වසර තුනකට පෙර සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. සඳේ ජල අංශු ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූයේ එම අවස්ථාදීය. 2016 වසරේ ඉන්දීය ගගනගාමියකු සඳ මත පය තැබීමට ද නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය මීට දින කීපයකට පෙර අඟහරු මතුපිට ගොඩ බැස්ස වූ ‘කියුරියෝසිටි’ නමැති රොබෝ යානය මේ වන විට අඟහරුගේ ති‍්‍රමාණ වර්ණ ඡායාරූප රැසක් පෘථිවියට එවා ඇත.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
ඉංග්‍රීසි ජාතිය ලෝකයම මන්කොල්ලකාගෙන ප්‍රාථිහාර පෙන්වන් හදනවා. ඉංදියාව ලෝකයෙන්ම හිඟා කාගෙන ප්‍රාථිහාර පෙන්වන්න හඳනවා. අනේ මෙහෙමත් ජාතියක්.(ස)
ඉන්දියාවේ ජනතාවගෙන් 1/4 කට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම්වත් නෑ.ඉස්සෙල්ලා ඒ පහසුකම් සලාසා දීලා ඉන්න...(ස)
රටෙන් භාගයක්ම බඩගින්නේ ඉන්න අවස්ථාවක ඔය සල්ලිකාර රටවල් එක්ක රොකට් අරින එක හරිද? (නි)
ඉන්දියාවට තියෙන්නේ කොලනි මානසිකත්වය, සුද්දන්ව අනුගමනය කරන. ඔයිට වැඩිය ජනතා සුභ සිද්ධිය පිණිස කළ යුතු කොතරම් දේවල් තියෙනවද ඉන්දියාවේ ? (නි)
කන්න බොන්න නැති, ඉන්න ගෙවල් නැති, වැසිකිළි නැති කී දාහක් ජනතාව ඉන්නවද ඉන්දියාවේ? ඒ අය දැන් ලෝකයට විහිලු සපයන්න හදනවා. (නි)
ඒක හොඳයි . ඉන්දියාව කොහොමත් ලොකු වැඩ කරන්න කැමතියි නේ....ඒකත් හොදයි .චීනෙත් එක්ක තරඟෙට එන්න ඒ වගේ දේවල් ඕන..(ස)
මට ඉන්දියාවේ දක්ෂතාවය ගැන ආඩම්බරයි. (නි)
නිදහස් මාධ්‍යක් තිබෙන්නේ මනුෂයන්ගේ වරදක් පෙන්වලා දෙන්න. එහෙත් ඇත්ත තිත්තයි, බොරැව පැණි රසයි. නිදහස් මාධ්‍ය තිබෙන්නේ සාධාරණව යමක් තේරුම් ගන්න බැරි පුද්ගලයකුට යමක් කියලා දෙන්න. යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? මේ ලෝකයේ රට රටවල් අල්ලාගෙන බලයෙන් පාලනය කරගෙන ඉන්නේ ලොකු පල්හොරඅ කට්ටියක්. සිංහල ජාතියට හිමිකම් ඇති ලංකාද්වීපය සිංහල ජාතියට අහිමිවුණහොත් දැනට ඉන්න රටේ පාලකයන් සියලු දෙනාම මේවට වග කියන්න ඕනේ. (නි)
සමන් රොහාන්, ආගම්වාදී, ජාතිවාදි, කුලවාදී, පන්තිවාදී සහ තවත් නොයෙකුත් බෙදීම් ඇති නිසයි ලොකු ලොකු රටවල් අපේ රටට අත දාන්න එන්නේ. (නි)
සමන්, අනික් අය හදන්න කලින් අපි හැදෙන්න බලමු. සුද්දා ගිහින් දැන් අවුරුදු 60කත් වැඩියි. තාම අපේ කට්ටියට හරිහමන් පාරක්වත් හදාගන්න පුලුවන් වුණාද? (නි)
සමන් රෝහණ, සුද්දන් සිංගප්පූරුවට, ජපානෙට අතදාන්නේ නැත්තේ ඇයි? අපි බෙදිච්ච රටක් නිසයි සුද්දන් අපේ රටට අත දාන්නේ. මතකනේ යුද්ධය කාලයේ වෙච්ච දේවල්. (නි)
ඇමරිකාව මේක කඩාකප්පල් කළොත්? (නි)
ලංකාවටම ඕකත් කඩාගෙන වැටෙයිද දන්නෙ නැහැ (නි)
ජය වේවා ඉන්දියා! (නි)
කොහේ ගිහින් නවතියිද දන්නෙ නැහැ.හෙල්මට් එකක් ගත්තානං හොදයි වගේ.(ස)
ඔය කාර්යය කිරීමට ප්‍රථම ඔය ග්‍රහයන් ගැන මීට අවුරුදු 2500කට කලින් දේශනා කර ඇති දෙය බුදු බණෙන් අහලා හිටියොත් හොදයි. (නි)
කේරළ ප්‍රාන්තයෙන් යැවුවා නම් හරි නේද? (නි)
ඉංග්‍රීසි ජාතිය ලෝකයම මංකොල්ලකාගෙන ප්‍රාතිහාර්ය පෙන්වන්න හදනවා. ඉන්දියාව පැත්තකින් ඉදගෙන ලෝකයටම ප්‍රාතිහාර්ය පෙන්වන්න හදනවා. (නි)