ධාවනය වෙමින් තිඛෙන ලොරියක් පසුපස එල්ලී සෙල්ලම් පෙන්නු තම පුත්‍රයා අල්ලා පොලිසියට භාර දීමට ගිය මව්පිය දෙපළක් ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයේ ලැන්කෂර් ප්‍රාන්තයෙනි.
ටිච්හයිකර් සොනී විල්සන් නම් මේ දොළොස් හැවිරිදි කොලූ ගැටයා පාසලෙන් පිටතට පැමිණ
මාර්ගය අයිනේ නවතා තිබී යළි ධාවනය අරඹමින් සිටි ලොරියක පසුපස යකඩ ආධාරකයක් මත එල්ලී තිබේ.ලොරි රියදුරා තමන්ගේ රථය පිටුපස සොනි එල්ලී සිටිනු නොදැක සාමාන්‍ය වේගයෙන් රථය ධාවනය කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථ රියැදුරෙකු ලොරියේ පිටුපස එල්ලී යන සොනී දැක ලොරිය පසුපසින්ම තම මෝටර් රථය ධාවනය කරමින් අවස්ථාව වීඩියෝ ගත කළේය.
මේ වීඩීයෝව අවසානයේ නතර වී ඇත්තේ අන්තර්ජාලයේය.වීඩියෝව අවසාන වන්නේ වේගය අඩු කරන ලොරියෙන් බිමට පැනගන්නා සොනිී අවට සිටියවුන්ට අචාර කොට පිටව යන දසුනකිනි.
මෙය සොනීගේ දෙමව්පියන්ටද දැක ගැනීමට ලැබී ඇත.දැඩි ලෙස කෝපයට පත්වු ඔවුන් වහාම පොලිසිය අමතා තම පුතා නිළධාරීන් භාරයට පත්කිරීමට කටයුතු ඇතැයි සදහන්ය.
‘‘මේ මිනිස්සු ගැන මට පුදුමයි.ළමයෙක් ලොරියක එල්ලිලා යනවා...කරන්නේ ළමයා බේරගන්න උත්සාහ කරන එක නොවේ වීඩියෝ කිරීමයි.එහෙමයි කියලා මගේ දරුවා නිවැරදියි කියල මම කියන්නේ නැහැ.එයාගේ වරදට දඩුවම් ලැබේවි.‘‘යැය පවසන්නේ සොනීගේ පියා වන ඩේවිඩ්ය.
මේ සියල්ල මැද සොනීද අදහස් දැක්වීය.
‘‘මේක මෙච්චර බරපතල වෙයි කියලා මම හිතුවේ නැහැ.අනික මම මේ වගේ කීප සැරයක්ම වාහන වල එල්ලී ගිහින් තියෙනවා.විහිළුවක් හැටියටයි මම මේක කරේ.ආයේ නම් මේ වගේ වැඩක් කරන්නේ නැහැ.කවුද කැමැති පොලිසි යන්න?‘‘
සොනීගේ දෙමව්පියන් පොලිස් අමතා තම දරුවා පොලිස් භාරයට ගන්නා මෙන් සැබැවින්ම ඉල්ලා සිටි බව ලැන්කෂර් ප්‍රාන්ත පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අකීකරු පුතා පොලීසියට අල්ලා දෙයි
හේරත් Friday, 26 April 2013 01:11 AM
"අකීකරු පුතා පොලීසියට අල්ලා දෙයි" ඒ එහෙ. අකීකරු පොලීසිය පුතාට අල්ලා දෙයි. මෙහෙ.(නදී)
සිරි Tuesday, 23 April 2013 07:42 AM
අන්න මිනිස්සු!!! (නි)
මදු Monday, 22 April 2013 08:31 PM
ගෙදර ඉන්න බලු කුක්කත් හරියට හදා ගන්න ඕනි ! (අ)
ගාමිණී Monday, 22 April 2013 09:28 PM
ඒ කොලු ගැටයා කොලුකමට සෙල්ලමක් දැම්මට අපේ ගැටවු වගේ ලොරියෙන් හොරබඩු පන්නලා නැහැනේ. පොඩි සමාවක් දෙමු. (නි)
හේරත් Monday, 22 April 2013 10:43 PM
ලංකාවට යමුකෝ තාත්තේ කියලා පුතා කියයිද දන්නෙ නැහැ. (නි)
සෙනරත්-බහරේක් Tuesday, 23 April 2013 12:02 AM
මෙන්න ලංකාවේ මිනිසුන්ගේත් සුද්දන්ගේත් වෙනස.(නදී)