( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පොලිස් මුලස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක මෙන්ම හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇතයි කියන සිද්දිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ගෙවී ගිය කාලය තුළ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද විවිධ බරපතල චෝදනා එල්ලවී ඇතැයි ද එම නිසා මේ තරම් විශාල මුදලක් ඇමරිකානු බැංකු ගිණුමට බැරවීම බරපතල සැක සහිත බව ද මොහොමඩ් මුසම්මිල් මහතා ඉදිරිපත් කළ පොලිස් පැමිණිල්ලේ සඳහන් වෙයි.




COMMENTS
අලුත්ම නාට්‍ය අද සිට විකාශය වේ.
අනේ මහත්තයෝ, බලයට ආපු ගමන් ඇතුළට දානවා කියලා නේද කිව්වේ..? නිකම් බොරු සංදර්ශන පෙන්වන්න එපා. මිනිස්සු ඔක්කොම මෝඩයින් නොවේ.
ඊට කලින් වයිෆ්ගේ ගිණුමට සල්ලි ආපුහැටි හෙව්වොත් නරකද? මේ සේරගේම බොරුනාටක විතරයි.
ඊට කලින් ඔහේගේ ලොක්කගේ මාලිගාව හැදුවේ කොහොමද කියලා කියන්න. නිකම් බොරු මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතුව ඉන්නවා හලෝ... තමන්ගේ ඇහේ පොල් පරාලේ පෙනෙන්නේ නැහැ. නමුත් අනුන්ගේ ඇස්වල තියන පොල් කොස්ස ගැන කතා කරනවා.
ඊට කලින් ඔහේගේ ලොක්කගේ මාලිගාව හැදුවේ කොහොමද කියලා කියන්න. නිකම් බොරු මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව...
දැන් තිරගතවන නාටකවල 2020 හොඳම නළු නිළියන්ට වටිනා තෑගි දෙන්න ඕනෑ...
ඉස්සර ඡන්දෙ ආවම තාජුදීන්.... දැන් බදුර්දීන්....
මේගොල්ලෝ බලයට අවහම ඒගොල්ලෝ ගැන හොයන අතර ඒගොල්ලෝ බලයට අාවහම මේගොල්ලෝ ගැන හොයති. නමුත් ජනතාවගේ දුක සැප සෙවීමට කව්රුත් ඉදිරියට ගෙන නොඒම දුකකි.
මම නඩුවක් දමනවා.. මේ දමන නඩුවලට වෙනදෙයක් දාන්නේ නැහැ කියලා.. හැමදාම ෆයිල් උස්සන් එහෙ දුවනවා මෙහෙ දුවනවා..
මෙයා විතරක්ද එහෙම බැලුවා නම් ගිණුම් තියෙන අය තව කොච්චර ඉන්නවද? හොරකම වංචාව, කොමිස් ගැහිලි දූෂිත බලලෝභි බඩගොස්තරවාදි දේශපාලුවන් කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි.
දෙදෙනාම විමර්ශනය කළයුතුයි. නමුත් හොරුන්ට දඬුවම් දෙන්න ලකුණු නම් පේන්න නැහැ.
කෝටි ගාණක දේපල ඇමති පඩියෙන් ගත්තේ කොහොමද පෙන්නන්න කියලා නඩුවකුත් තියෙනවා නේද...?
ලෙමන් පෆ් ලොකු ගෙයක් හදපු විදිහයි.., එයාගේ නෑයෝ ගෙවල් ගත්ත විදිහයි, ඔයාගේ බිරිඳ වාහන ගත්ත විදිහයි ගැණත් පරීක්ෂණ කරමුද?
වෙන මොනවත්ම තිබුනේ නැද්ද හොයාගන්න. හොරෙක් ගිහින් තව හොරෙක් ගැන කියන්න. පැමිණිලි කරන්න ගියපු හොරාගේ නායකයාත් හොරෙක්...
ඉන්න හැම දේශපාලුවෙකුගේම ගිණුම් පරීක්ෂා කරන්න වෙයි. මෙයාගේ පක්ෂයේ නායකයා කියලා නිකම්ද? වැඩි හරියක් ඉන්නේ මහාපරිමාණ හොරු තමයි...
“බදුර්දීන් සහ ඩොලර්“ ළඟදීම තිරගත වේ. ඒ කියන්නේ “රන්ජා සහ හඬපට “ ඉවර වෙන්න ළඟද? කලින් කෙනෙක් විරිදු කීවා බෙර ගැහුවා..., දැන් නාට්‍ය හා රංග කලාව පෙන්නනවා. අනේ අපේ ඡන්ද... අර පිටරට ඉඳලා ඇවිත් ඡන්දෙ දාපු ලක්ෂ ගාණක ජනතාව. අයියෝ සල්ලි...
කෝ හිස්බුල්ලාගේ ෂරියා විශ්ව විද්‍යාලේ තවම වහලා නේ නේද.?
ඔය කියන්නේ මම ඉන්න ඇමෙරිකාවේ ගිණුමක් ගැන නොවේ කියා මම සිතන්නෙ. ඇමෙරිකා එසත් ජනපදයේ බැංකු ගිනුමක අරබන්න මුලින්ම ආරක්ෂක රහෂ්‍ය අංකයක් ඕනෙ. ඊට අමතරව බැංකු ශාකව තිබෙන ප්‍රාන්ත රජයෙන් නිකුත් කල හැදුනුම් පතක් හෝ රියදුරු බලපත්‍රයක් වැනි හඳුනා ගැනීමේ පතක් අවශ්‍යයි. ඒ කියන්නේ රෂිඩ් මෙරට පුරවසියක් හරි ස්ථිර පදිංචිකරුවෙක් හරි මෙරටට පැමිණි සිසුවෙක් වෙන්න ඕනෙ. එසේ නැතිනම් ඉහත සඳහන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අනෙක ලක්ෂයක් තැන්පත් කල ගමන් දේශි අදායම් බදු සේවාවලට දැනුම් දෙනවා. එසේ නොකලොත් බැංකුවට ලොකු දඩයක් ගෙවන්න වෙනවා. අනෙක මත්ද්‍රව්‍ය මර්දන අධිකාරියටත් දන්වනවා.
ඇයි මෙයා විතරද ? අර හිස්බුල්ලා ? කිසිම බැංකුවක් ගෑවෙන්නේ නැතුව එයාට ආව සල්ලි ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද ? හොරුන්ට ම හදපු රටක් වෙලා ලංකාව දැන්.
ෂාම් මහත්තයෝ, හිස්බුල්ලා දේශප්‍රේමී කියාලා දන්නේ නැතිද? අර සාදුත් දැන් සද්දයක් නැත්තේ එ්කනේ.