IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


හමු‌ද‌ා සෙබළුන්ගෙන් යාපනය රෝහලට

 

යාපනය අර්ධද්වීපය පුරා කුල භේදය බොහොම තදින් ක්‍රියාත්මක වන්නේ අනාදිමත් කාලයක පටන්ය.  


අදටත් එහි වෙනසක් නැත. රටේ වෙන කිසිම පළාතක යාපනය අර්ධද්වීපයේ තරම් කුලභේදය නොමැති තරම්ය.  


කුලීනයන් කුලහීන කෙනෙකුගේ ගෙදරකින් අදටත් වතුර පොදක් ඉල්ලාගෙන බොන්නේ නැත. කුලහීන අයට කුලයෙන් උසස් යැයි සිතාගෙන සිටින්නන් වතුර පොදක් බීමට පවා දෙන්නේ පොල් කට්ටකය. එහෙමත් නැත්නම් ඔවුන් පරිහරණයට නොගන්නා කෝප්පයක දමා බව තතු දන්නා අය පැවසූහ.

කුල ප්‍රශ්නයේ තරම කොතරම් ද කියනවා නම් කුලයෙන් උසස් යැයි සම්මත අය ලේ බිඳක් පරිත්‍යාග කිරීමට මැළිවේ.

 
ඒ වෙන කිසිවක් නිසා නොව තමන්ගේ ඇගේ දුවන උසස් ලේ අඩුකුලයේ අය රෝගී වූ විට ඔවුන්ට ලබාදීමෙන් තමන්ට මදි පුංචිකමක් සිදුවන බව සිතීම නිසාය.  


මේ කුල ප්‍රශ්නය යාපනයේ කොතරම් ඔඩු දුවා ඇත්දැයි කියන එකට හොඳම උද‌ාහරණය හදිසියකදී රෝගියකුට ලේ අවශ්‍ය වුවහොත් ලේ ටිකක් ලබාදීමට ලේ සොයා ගැනීමට අපහසුවීමය.  


ලේ සොයා ගැනීම ඒ තරමටම අපහසු වී ඇත. මේ හේතුව නිසා යාපනයේ රෝහල්වල වෛද්‍යවරුන් පත්ව සිටින බව කියන්නේ ලොකු ප්‍රශ්නයකටය. මේ නිසා රෝගීන්ගේ ජීවිත ද අවද‌ානම් තත්ත්වයකට පත්ව ඇති බව කියති.  


මේ ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම වටහා ගත් යාපනයේ වෛද්‍ය බලධාරීන් යාපනයේ ආරක්‍ෂක සේනා ආඥ‌ාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ පිහිට පතන්නේ වෙන කරකියා ගන්න දෙයක් නොමැති තැනය.   


යාපනයේ රෝහල්වල ලේ බැංකුවල ලොකු ලේ හිඟයක් තියෙනවා. රෝගීන් සිය ගණනකගේ ජීවිත මේ නිසා අනතුරට වැටිලා. ඒ අහිංසක රෝගීන්ගේ ජිවිත බේරා ගන්න අපට උදව් කරන්න යැයි කියා රෝහලේ බලධාරීන් මේජර් ​ෙජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අමතා දැනුම් දී ඇත.  


ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම තේරුම්ගත් මේජර් ​ෙජනරාල්වරයා මොහොතක්වත් පමාවීම රෝගීන්ගේ ජීවිතය අනතුරේ වැටීමක් බව වටහාගෙන කැමති හමුද‌ා නිලධාරීන්ට හා සෙබළුන්ට ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළේය.   


ඒ ඉල්ලීමට ඉහළ ප්‍රතිචාර ලැබෙන්න වැඩි වේලාවක් ගතවී නොමැත.   


හමුද‌ාවේ නිලධාරීන් සහ සෙබළුන් 200කට වැඩි පිරිසක් යාපනය ශික්‍ෂණ රෝහලට බස් රථවලින් ගියේ උතුරේ අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය.  


මේ ලේ දන්දීමේ පුණ්‍ය කටයුත්ත සිදුකළේ පසුගිය පොසොන් පොහොය ද‌ා හා ඊට පසුදිනය.   


ඒ දවස් දෙකට පමණක් හමුද‌ා නිලධාරීන් හා සෙබළුන් 200 දෙනාගෙන් ලේ පයින්ට් 270ක් ලබාගෙන තිබිණි.  


මේ හා සම්බන්ධව වැඩිදුර කරුණු කාරණා දැන ගැනීමට මා කතා කළේ යාපනය ආරක්‍ෂක සේනා ආඥ‌ාපති දර්ශන හෙට්ටිආරච්චි මහතාටය.  


මේ ඔහු කී කතාවය.  


“යාපනයේ රෝහල්වල ලේ බැංකුවල දැඩි ලේ හිඟයක් පවතින බවට වෛද්‍යවරුන් මට දැනුම් දුන්නා. ලේ හිඟය නිසා රෝගීන් සිය ගණනක් අසරණ වී ඔවුන්ගේ ජීවිත අවද‌ානමක පවතින බවත් වෛද්‍යවරුන් මට දැනුම් දුන්නා. මම මේ බව අපේ හමුද‌ාවේ නිලධාරීන්ව හා සෙබළුන්ව දැනුම්වත් කිරීමට කටයුතු කළා. හමුද‌ාවේ 200ක් බස් රථවලින් යාපනය රෝහලට ගියා. දින දෙකක් ඇතුළත හමුද‌ාවේ අය ලේ පයින්ට් 270ක් පරිත්‍යාග කර තිබුණ බව වෛද්‍යවරුන් මට දැනුම් දුන්නා. හමුද‌ාවේ අය කළ මේ පරිත්‍යාගය ගැන උතුරේ ජනතාව වෙනුවෙන් වෛද්‍යවරුන් ප්‍රශංසාවෙන් කතා කළා. උතුරේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ අරමුණෙන් තමා අපේ අය ලේ පරිත්‍යාග කළේ.  


 මේ වසරේ පමණක් හමුද‌ාවේ නිලධාරීන් හා සෙබළුන් අවස්ථා ගණනකදී උතුරේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ලේ පයින්ට් දහසකට වැඩි ප්‍රමාණයක් යාපනය, පේදුරුතුඩුව, චාවකච්චේරිය, අච්චුවේලි, තෙලිප්පලේ හා පලෙයි රෝහල්වලට පරිත්‍යාග කර තිබෙනවා. අප ඒ පරිත්‍යාගයන් කළේ අපගෙන් කළ ඉල්ලීම් මතයි. උතුරේ රෝගී වන ජනතාවට ලේ අවශ්‍ය වූ විට වෛද්‍යවරුන් කතා කරන්නේ අපටයි. අපේ අයත් කිසිම පැකිළීමකින් තොරව ඕනෑම අවස්ථාවක ලේ පරිත්‍යාග කිරීමට සූද‌ානමින් ඉන්නවා.  
ඔබට මම තවත් විශේෂ දෙයක් කියන්න කැමතියි. තිස් හතළිස් වතාවක් ​ෙල් පරිත්‍යාග කර තිබෙන හමුද‌ාවේ නිලධාරීන් හා සෙබළුන් ඕනෑතරම් ඉන්නවා. හමුද‌ාවේ අප පරිත්‍යාග කරන සියලුම ​ෙල් උතුරේ රෝගී වන ජනතාවගේ අවශ්‍යතාව සපුරා ගැනීමටයි යොද‌ා ගන්නේ” යැයි මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.  


හමුද‌ාවේ නිලධාරීන් හා සෙබළුන් උතුරේ ජනතාව රෝගී වූ විට ලබාදීමට අවශ්‍ය ලේ පරිත්‍යාග කරන්නේ උතුරේ සමහර අන්තවාදී දේශපාලනඥයන් උතුරේ හමුද‌ා කඳවුරු ඉවත්කරගත යුතු බවට දැඩි බලපෑම් එල්ල කරමින් තිබෙන පසුබිමක් තුළය.  


ඒ විතරක් නොව හමුද‌ාව ලේ පරිත්‍යාග කරන්නේ සමහර දේශපාලනඥයන් ජනතාව උසිගන්වා උතුරේ හමුද‌ා කඳවුරු ළඟට ගෙන්වා උද්ඝෝෂණ පවත්වා වහාම ඉවත්වෙයල්ලා කියන වාතාවරණයක් පවතිද්දී. 


අන්තවාදී දේශපාලනඥයන්ගේ පෙළඹවීම මත උතුරේ සාමාන්‍ය ජනතාව හමුද‌ා කඳවුරු ඉදිරිපිටම ඇති කඳවුරු ඉවත් කරන ලෙස උද්ඝෝෂණය කළා යැයි කියා හමුද‌ාවේ නිලධාරීන් සෙබළුන් කාටවත් වෛර කරන්න ගියේ නැත.   


එහෙම වෛර කරන්න හෝ තරහ පිරිමහන්න ගියා නම් ඔවුන් මෙසේ ලේ පරිත්‍යාග කරන්නට කිසිසේත් ඉදිරිපත් වන්නේ ද නොමැත.   


කාකි ඇඳුමක් ඇඟලා ගිනි අවියක් අත දරාගෙන සිටියාට හමුද‌ාවේ ඉන්නෙත් සංවේදී හදවත් ඇති මනුෂ්‍යයන් ය. ලේ පරිත්‍යාග කිරීම එයට කදිම උද‌ාහරණයකි.  


හමුද‌ාවේ ලේ පරිත්‍යාග කිරීම නිසා යාපනයේ සිය ගණනක් මරුකටින් ගැලවී ඇති බව දැන ගැනීමට ලැබී ඇත.  


එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි දයා මාස්ටර්ගේ හදවත් සැක්කම කිරීමේදී අවශ්‍ය වන ලේ සොයා ගැනීමට නොහැකිව ඔහුගේ පවුලේ අය අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ ඒ බව දැනගෙන ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූයේ ද හමුද‌ාවේ සෙබළුන් පිරිසකි.  


යාපනය ආරක්‍ෂක සේනා ආඥ‌ාපති මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි මහතා උතුරේ ජනතාව රෝගී වූ අවස්ථාවලදී ඔවුන්ට ලේ අවශ්‍යවුවහොත් ලේ පරිත්‍යාග කිරීමට තවත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව දැනගැනීමට ලැබුණු නිසා ඒ ගැන ද ඔහුගෙන් විමසූ අවස්ථාවේ මෙසේ කීය.  


“යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 21 වැනි සංවත්සර උත්සවය මේ මාසයේ 21 වැනිදා පැවැත්වෙනවා. එයට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක් ද සංවිධානය කර තිබෙනවා. ඒ විතරක් නෙමේ,  හමුද‌ා අනුඛණ්ඩවල සංවත්සර උත්සවවලදී සහ වෙසක් පොහොය වැනි පොහොය දිනවලදී ද ලේ දන්දීමේ කඳවුරු අප පවත්වා තිබෙනවා. ලේ දන්දීමේ කඳවුරුවලට හමුද‌ාවේ නිලධාරීන් හා සෙබළුන් කැමැත්තෙන්ම පැමිණ ලේ පරිත්‍යාග කරනවා. වෛද්‍යවරුන් ඉල්ලා සිටින ඕනෑම වේලාවක ලේ පරිත්‍යාග කරන්න අපේ අය සූද‌ානම්.”  


අපේ රණවිරුවන් කොටින්ට එරෙහිව සටන් කිරීමට ගොස් සිය ගණනින් දිවි පිදීම නිසා උතුරු භූමිය ඔවුන්ගේ රක්ත වර්ණ ලෙයින් තෙත් වී ඇත.  


ඔවුන් එද‌ා ජීවිත පූජාවෙන් සටන් කළේ ද කොටින්ගේ ග්‍රහණයෙන් සාමාන්‍ය වැසියන් මුද‌ාගෙන ඔවුන්ට නිදහසේ ජීවත්වීමට අවැසි පරිසරයක් නිර්මාණය කර දීමටය.  


වර්තමානයේ අපේ රණවිරුවන් උතුරේ සාමාන්‍ය ජනතාව ගිලන් වූ අවස්ථාවලදී ලේ අවශ්‍ය වූ විට ලේ පරිත්‍යාග කරන්නේ ද ඔවුන්ගේ ජීවිත ජීවත් කිරීම සඳහාය.  


ජනතාවගේ ජනජීවිතය නගා සිටුවීමට යාපනය ආඥ‌ාපතිවරයා විශේෂ වැඩසටහන් රැසක්ම ක්‍රියාවට නංවා ඇති අතර එයින් නිවාස තනාදීම විශේෂ තැනක් ගනී.  


යාපනයේ රෝහල්වලට අවශ්‍ය ගොඩනැගිලි වෛද්‍යවරුන්ගේ නිල නිවාස තැනීම ද කරගෙන යන්නේ හමුද‌ා සෙබළුන්ගේ ශ්‍රමයෙනි.  
මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා නිරන්තරයෙන් යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලා ඔවුන්ගේ හඬට කන්දෙන නිලධාරියෙකි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (1)

හමු‌ද‌ා සෙබළුන්ගෙන් යාපනය රෝහලට

priya Tuesday, 20 June 2017 09:49 AM

වීරෝදාර සෙබළුනි ඔබ සැමදෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4715 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 95 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 104 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 133 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 832 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 184 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 171 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site