IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


මන්ද බුද්ධික තරුණියගේ කුසේ දරුවෙක්

ඇසට නොපෙනෙන කාන්තා අතවර

දිනපතාම රටේ අපරාධ යම් ප්‍රමාණයක් වාර්තා වෙයි. පොලිසියට ලැබෙන පැමිණිලි, උසාවි පොත්වල, සටහන් නඩු වාර්තා සහ මාධ්‍යවලින් අනාවරණය වෙන තොරතුරු වලින් ඒ බව මනාව පැහැදිලිය.

  
අල්ලස් දූෂණ, වංචා මෙන්ම පහරදීම්, මිනීමැරුම්, පවුල් ආරවුල් ආදිය පමණක් නොව පැහැරගෙන යාම්ද ඒ අතර වෙයි.  


මේ වසර පුරාවට කාන්තා අතවර හා දූෂණ රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. මීට එරෙහිව යමක් කර කියාගත නොහැකි අහිංසක පුද්ගල​ෙයා් ඇතැම් අවස්ථාවල විශාල වශයෙන් පීඩාවට පත්ව සිටිති.  


එවැනි සිදුවීම් පෙළක් ඉරිදා ලංකාදීපය සඳහා පෙළගැස්වීමට අපි තීරණය කළෙමු.  


මේ එක් කතාවකි.  


ඇය නමින් ‘කමනි’ යනුවෙන් හඳුන්වමු.  


දුගී පවුලක උපත ලැබූ කමනි උපතින්ම මන්ද බුද්ධික තත්ත්වයේ පසු වූවාය. ඇය ජීවත් වූයේ තම සොහොයුරාගේ පිහිටෙන් එම නිවසේය.   


ඇයගේ මානසික ආබාධය නිසා එම ප්‍රදේශයේ කොයිකාගේත් අනුකම්පාවට ලක්වූ අතර කතාබහ කරන ඕනෑම කෙනෙකු සමඟ ඇය ඉතා ළෙන්ගතු වූයෙන් සමාජයේ ආදරයට ලක්වූවාය.  


මෙසේ විසූ කමනි හිටිහැටියේම අවස්ථා කිහිපයකම අසනීප වූවාය.  


කමනිගේ අසල්වැසි කාන්තාවෝ ඇයට තිබූ ආදරය ළෙන්ගතුකම නිසාම ඇයගේ අසනීපය පිළිබඳ කරුණු සොයා බලන්නට වූහ.  


ඇය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම භාජනය කෙරිණ. ඒ වාර්තාවලට අනුව ප්‍රතිඵලය ඇයට සිදුවී තිබුණේ අදහා ගන්නටවත් නොහැකි සිදුවීමක් මෙන්ම අහස පොළොව නුහුලන අපරාධයකි.  


කමනිගේ කුසෙහි ඒ වෙන විටත් දරු කලලක් පිළිසිඳගෙනය.  


‘අනේ අහිංසක කෙල්ල’ කවුද මේ අපරාධය කළේ?’ සියල්ලෝම වික්ෂිප්ත වූහ.  


රෝස කැකුළක් වන් කමනිගේ ජීවිතය කෙළෙසූ ඒ පාපතරයා කව්ද? එය සිදුවූයේ කෙසේද? කාගෙත් සිත් තුළ ඉතිරි වූයේ නොවිසඳුණු ප්‍රශ්නයකි.  


කමනිට සිදුවූ අහස පොළොව නුහුලන මෙම අපරාධය සැලවීමෙන් අසල්වැසි කාන්තාවන් කිහිප දෙනෙක් ඇය රැගෙන රැකවරණය පතා පොලිස් ස්ථානය වෙත පැමිණියහ.  
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඒ පිළිබඳ අවශ්‍ය විමර්ශන ආරම්භ කළේය.  


ඒ පිළිබඳ කතා කිරීමට අප හා සම්බන්ධ වූයේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතායි.  


මේ සිද්ධියට අද‌ාළ පැමිණිල්ල ලැබුණම අපි විමර්ශන කටයුතු ආරම්භ කළා. මේ තැනැත්තියට මේ අපරාධය මාස දෙක තුනක පමණ පටන් සිදුවෙලා තියෙනවා. අපි මේ පිළිබඳව සොයා බැලුවත් මේ දේ කළේ කව්ද? මේ දේට සම්බන්ධ කව්ද? යන්න පිළිබඳ සාක්ෂියක් අනාවරණය වුණේ නෑ.  


වින්දිත කාන්තාවගේ ප්‍රකාශය වුණේ ඒ ආසන්න නිවසක ඉන්න පුද්ගලයකු මේ අතවරය කළේ කියලා. ඒ අවට කිහිප දෙනෙකුත් දැකලා තියෙනවා මේ කාන්තාව මේ කියන පුද්ගලයා සමඟ කතාබහ කරනවා. ඔහු කෑම බීම එහෙමත් අරන් දීලා තියෙනවා. දරිද්‍රතාව නිසා තමයි මේ දේවල් සිදුවෙලා තියෙන්නේ.  


මේ කාන්තාව ජීවත් වුණේ මුඩුක්කු නිවාසයක. මේ ගෙවල්වල එහා ගෙදර කන බොන දේ මෙහා ගෙදරට පේනවා. එවැනි තත්ත්වයක්නෙ තියෙන්නේ.  


මේ කාන්තාව පොලිසියට සිදුකළ ප්‍රකාශය එක්ක සාක්ෂි සටහන් කරලා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුටත් යොමු කළා. අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරියෙත් මේ කාන්තාව ප්‍රකාශ කළේ එයමයි.  


වෛද්‍ය වාර්තාවට අනුව මෙම කාන්තාව සමඟ එක් අවස්ථාවක නොව අවස්ථා රාශියකදීම ලිංගික ප්‍රවේශයක් වෙලා තියෙනවා.  


ඉන්පසුව අපි වින්දිත කාන්තාවගේ ප්‍රකාශය මත ඊට අද‌ාළ සැකකරු අත්අඩංගුවට ​අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මේ අපරාධය අයත් වෙන්නේ ස්ත්‍රී දූෂණයකට. මන්ද බුද්ධික තත්ත්වයේ කාන්තාවක් ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික කටයුත්තක යෙදුණොත් එය ස්ත්‍රී දූෂණයක් වෙනවා.  


මේ සිදුවීම් වෙන්න මූලික හේතුව දරිද්‍රතාව. ඒ වගේම වැඩිහිටි රැකවරණයක් නොමැතිකම. ඇත්තටම ප්‍රජා පොලිස් කටයුතුවල දියුණුවක් තිබුණා නම් මේ කාන්තාව ගැන මේ අපරාධය සිදුවීමට පෙර දැනගන්න තිබුණා. යම්කිසි නිවාසයක ඇය රඳවන්න තිබුණා. ඒ වගේ පෙර දැනුම්වත් වීමක් තිබුණ නම් මෙවැනි අපරාධ නොවෙන්නත් ඉඩ තිබුණා.  
අපි ඉදිරියේදී උත්සාහ කරනවා මෙවැනි දේවල් තවදුරටත් සිදුවුවහොත් ජනතාවත් දැනුම්වත් කරලා නැවත මෙවැනි සිදුවීමක් වීමට ප්‍රථමයෙන් යම්කිසි පියවර ගන්න ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. ජනතාවත් අවට සිදුවෙන හැම දේ පිළිබඳවම අවධානයෙන් නම් මෙවැනි විපත් සිදුවීම් වළක්වා ගන්නට පුළුවන්. එය තමයි විය යුතු වෙන්නෙත්.  
කමනි පරිවාස අධීක්ෂණය යටතේ බිලිඳ‌ා බිහි කළාය. පරිවාස නිලධාරින්ගේ වාර්තාවලට අනුව කමනිට බිහිවූ බිලිඳ‌ා මේ වන විට ළමා නිවාසයක රඳවා තිබේ.  
කමනිත් මුල්ලේරියා මානසික රෝහලේ රැඳෙමින් ප්‍රතිකාර ලබමින් සිටින්නීය.  


මෙම ප්‍රශ්නයට විසඳුම් තවම ලැබී නැත. ඒ තවත් ගැටලුවක් ඊට එක් වී ඇති නිසාය.  


මෙම කතාවේ වින්දිත කාන්තාව වූ කමනි තම සොහොයුරාට පවසා ඇත්තේ මෙම අපරාධය කළේ සැකකරුගේ පුත්‍රයා කියාය.  


 මේ වනවිට දරුවා මෙලොවට බිහිව ඇති නිසා පීතෘත්වය තහවුරු කර ගැනීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී අධිකරණ නියෝග මත විමර්ශනය කිරීමට සූද‌ානම්ය.  
 පීතෘත්වය තහවුරු කර ගැනීමේදී සැකකරු මෙම අපරාධයට සම්බන්ධ නැති බවට ඔප්පු වුවහොත් මේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා සොයා යා යුතුය.  
මෙවැනි අපරාධ නැවැත්වීම පොලිසිවලට පමණක් සිදුකළ හැකි කාර්යයක් නොවේ. මේ පිළිබඳ සමාජයේ කාගේත් අවධානය යොමුවෙනවා නම් මේ අහිංසක ජීවිත රැක ගැනීමට හැකි වෙනු ඇත.  


මෙවැනි ගෘහාශ්‍රිත අපරාධයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිට නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.  


කෙසේ වුවත් යම් අපරාධයක් සිදුකර නීතියෙන් කෙසේ වෙතත් තම හෘදය සාක්ෂියෙන් ගැලවී සිටීමට කිසිවෙකුටත් නොහැකිය. කළ දේ පල දේ යනුවෙන් පැරණි කියමනක් ඇත්තේ ද ඒ නිසාය.  


යම් තැනක සිට අකුශලයාගේ විපාකයෙන් මිදිය හැකිනම් එවැනි තැනක් ලෝකයෙහි නැත. අහසේ සිටියත්, මුහුද මැද සිටියත්, පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් එයින් නිදහස් වෙන්නට නොහැකිය. ධම්ම පදයේ පාප වග්ගයේත් එසේ සඳහන් වේ.

 

 

 

සටහන - ධනු විජේරත්න
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මන්ද බුද්ධික තරුණියගේ කුසේ දරුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි
2025 පෙබරවාරි මස 07 5 0

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.


ගාල්ලේ මොකද වුණේ
2025 පෙබරවාරි මස 07 11 0

ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිම සහ ලකුණු 242 ක දැවැන්ත පරාජයක් ලැබීම


අබිරහස් අකුරු කියෙව්වොත් මුදල් තෑගී
2025 පෙබරවාරි මස 07 12 0

ඉන්දියාවෙන් ලැබෙන අලු‍ත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ ව පළවන රූපවල කොටා ඇති අකුරු කියවීමට සමත් වුවහොත් - ඉන්දීය රජයෙන් ඔබට මුදල් ත්‍යාගයක් හිමිවෙයි.


අලුත් බෝතල් පරණ වයින් ඡන්ද 87 ක් කප්පාදු කළ ක්‍රිකට් ඡන්දය
2025 පෙබරවාරි මස 03 55 0

රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථ


ජ්‍යෙෂ්ඨයනි , ඉදිරියට එන්න
2025 පෙබරවාරි මස 03 27 0

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී මේ සටහන ලියැවෙයි.


එවරස්ට් කන්දටත් වඩා උස කඳු දෙකක්
2025 ජනවාරි මස 31 61 0

එඩ්මන්ඩ් හිලරි සහ ටෙං සිං නෝ ගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 2 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 821 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site