IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න ගිහින් අමාරුවේ වැටුණු දියණියක්

පොලිස් පොතෙන්

 

“උඹ දන්නවද මට ඕනෑ වෙලා තිබුණේ උඹත් එක්ක ටිකක් ආතල් එකක් ගන්නයි. මුදල් ලබා ගන්නයි. උඹ බොරුවට අඬලා වැඩක් නෑ, උඔවගේ මෝඩ කෙල්ලන්ගේ පොටෝ මා ළඟ ජී බී අටක් තියෙනවා .”‍ “ඒකෙන් උඹ එකක් විතරයි. ඒ නිසා මගේ කැමැත්තට ඉඩ දීපං, නැත්තං උඹට වෙන්නෙත් අන්තර්ජාලයේ නිරුවතින් සැරිසරලා උඹේ අතින්ම ජීවිතේ නැති කරගන්න.”‍

   
 තවමත් අධ්‍යාපන ලබන වයසේ පසුවන දියණියකගේ මුවින් මෙම වදන් පෙළ කියැවී මෙන් පසු දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ පොලිස් පොතේ සටහන් විය.   


අප ඉහත දැක්වූයේ තවමත් පාසල් වියේ පසුවූ තරුණියකට අන්තර්ජාල ඉගැන්වීම් හරහා ඇතිකරගත් පෙම්වතාගෙන් ලැබුණු දුරකථන ඇමතුම් දහස් ගණනකින් එක කොටසකි.   


 දිවයින පුරා වීවිධ ප්‍රදේශවල සිටින පාසල් සිසුවියන් සමග ඉතා සූක්ෂම ලෙස ආදර සබඳකම් පවත්වා ඔවුන් රවටා රහසිගත ස්ථාන වලට ගොස් ජංගම දුරකථනය උපයෝගී කරගෙන ඔවුන් සිප ගනිමින් ඔවුන්ගේ විවිධ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට එක් කරන බවට තර්ජනය කිරීම් සහ දෙමව්පියන් බිය ගන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් සිදුකරගෙන යන අයකු ඉහත ප්‍රකාශය අනුව කොටුකරගැනීමට දඹුල්ල පොලිසියට පසුගිය සතියේ හැකිවිය.   


 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණයකු බව දඹුල්ල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා පැවසීය.   
දඹුල්ල ප්‍රදේශයේ තරුණියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉතා සූක්ෂම ලෙස ඔහු රවටා පැමිණෙන ලෙස දන්වා වෙස්වලාගත් පොලිස් කණ්ඩායමක් විසින් දඹුල්ල කැකිරාව බස් නැවතුම්පොළ අසලදී මෙම තරුණයා අත්අඩංගුවට ගත්තේය.   


 මෙම තරුණයා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් මිතුරු කරගෙන ඇත්තේ ජංගම දුරකථන, මුහුණු පොත, සහ උපකාරක පංති මෙන්ම මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලියේදී බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.   


 මෙම තරුණයා දඹුල්ල ප්‍රදේශයේ තරුණිය සමග මිතුරු වී අවස්ථා දෙකකදී ඇය සමග කතාබහ කිරීම සඳහා බව පවසමින් පාළු ස්ථානවලට රැගෙන ගොස් ඇය රවටා ඔහු සමඟ සමීපව සිටින ඡායාරූප ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරන බවත් එසේ මුදා හැරීම නවතා ගැනීම සඳහා රුපියල් 45,000 ක මුදලක් ඉල්ලා සිටි බවත් තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබුණු බව පොලීසිය කියයි.   
මෙම තරුණයා කොටු කර ගැනීම සඳහා දඹුල්ල පොලීසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.එම්. සුනිල් කරුණාතිලක මහතා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලු‍කා විජේසුන්දර සමඟ සාකච්ඡා කළේය.   


 තරුණිය සිය මව සමග පොලිසියට කැඳවා අදාළ තරුණයාට ඇමතුමක් ලබා දී කියා සිටියේ මුදල් ලබාදීමට හැකි බවත් තමන් ළඟ ඇති ඡායාරූප සියල්ල දුරකථනයෙන් මකා දමන ලෙසත්ය.   
 දිවයිනේ බොහෝ තරුණියන් රවටා මුදල් ලබා ගත් තරුණයා මේ කිසිවක් නොදැන පොලිස් උගුලේ පැටලෙන්නට එතරම් කාලයක් ගත නොවීය. ඒ අනුව දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා ගනිමින් තරුණිය මගින් ඔහු ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ සිට දඹුල්ල බස් නැවතුම්පොළ වෙත ගෙන්වා ගැනීම සඳහා පොලිසිය කටයුතු යෙදුවේය.   


 රුපියල් 45,000 ක මුදල වෙනුවට මාංචු කුට්ටම් කිහිපයක් සාක්කුවට දමාගත් ‍ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම පොලිස් පරීක්ෂිකා නිලූකා විජේසුන්දර, පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක යන පිරිස බස් මගීන් ලෙස වෙස් වළාගෙන බස් නැවතුම්පොළේ රැඳී සිටියහ.   
 දඹුල්ල පොලිසියේ බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු යාපනයට ගමන් කරන දමිළ මගින් ලෙසත් තවත් අයෙකු මඩකළපුව ප්‍රදේශයට ගමන් කිරීම සඳහා සූදානම්ව සිටි මුස්ලිම් ජාතික මගියෙකු ලෙසත් සැරැසී කැකිරාව බස් නැවතුම්පොළේ උකුසු ඇස් යොමා සිටියේ පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණිය දෙසය.   
 බස් රථයේ ආ මෙම අනංගයා වරින්වර තරුණියට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔහු සිටින ඉසව්ව ගැන ප්‍රකාශ කළේය. දඹුල්ල නගරයෙන් බස් රථයෙන් බැසගත් තරුණයා බස් නැවතුම්පොළට පැමිණෙන්නේ ජංගම දුරකථනයෙන් තරුණිය සමග සම්බන්ධ වෙමිනි.   


“මේ දවස්වල බස් නෑ. ටිකක් පරක්කු වුණා, ඔයා තනියමද ආවෙ.”‍   
“තනියම ආවේ”‍   
“හැබැයි බොරු නං කියලා අහුවෙන්න එපා”‍   
 “පිස්සුද හලෝ බොරු කියන්න”‍  
“හරි අපි කොහාට හරි ගිහිල්ලා මොනවා හරි බීලා කතා කරමු”‍   
“මට කන්න බොන්න ඕනැ නෑ. තමුසේ සල්ලි අරගෙන මගේ ෆොටෝ ටික මකලා දානවා”‍   
“හරි හරි කලබල වෙන්න එපා වැඩේ කරමු. මෙතන මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ත්‍රීවීල් එකක කොහාට හරි ගිහිල්ලා මේ වැඩේ කරමු.”‍   


 මෙම දෙපලට කතා කරන්නට හැකි වූයේ එපමණකි, වහා ක්‍රියාත්මක වූ වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරීහු තරුණයාගේ දෑතට මාංචු දමා දඹුල්ල පොලිසියට රැගෙන ආහ.   
වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා තරුණයාගේ ජංගම දුරකථනය ගෙන පරීක්ෂාකර කර බැලීමේදී තවත් කාන්තාවන් හා තරුණියන් රැසකගේ ඡායාරූප එහි අන්තර්ගතව තිබී සොයාගෙන ඇත.   


 මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා මෙම තරුණයාගේ දෙමව්පියන් දඹුල්ල පොලිසියට කැඳවීය.   


 පොලිසිය හමුවේ හඬා වැටුණු මෙම තරුණයාගේ මව කියා සිටියේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තමන් ඇතුළු පවුලේ අය ජීවත් වන බවය. මෙම දරුවා ශරීර ලක්ෂණ වලින් ඉතා ප්‍රියමනාප නිසා ඕනෑම තරුණියක වසඟයට පත්වන බවත් ඔහු කුඩා අවධියේ සිටම තමන්ට වසඟ වෙන තරුණියන් ගෙන් මුදල් උපයාගෙන විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවත් අම්මා කීවාය.   


 තරුණයා සතුව ඇති වටිනා ජංගම දුරකථනය තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා පරිගණක අපරාධ විමර්ශන අංශයට යොමු කිරීමට පොලිසිය තීරණය කොට තිබිණි.   


 ජංගම දුරකථනයක් අතට ගත් සැනින් අධ්‍යාපනික ක්‍රමවේද හරහා බව පවසමින් දෙමව්පියන් නොමඟ යවා විවිධ අයගේ බස් වලට රැවටී ජීවිතය වරද්දා ගන්නා තරුණයන් හා තරුණියන් ඕනෑතරම් සමාජයේ මේ දිනවල දැකගැනීමට හැකි බවත් මීට වඩා දෙමව්පියන් දූ දරුවන් ගැන සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත් දඹුල්ල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.එම්. සුනිල් කරුණාතිලක මහතා මුළුමහත් සමාජයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට පාදක කරගනිමිනි,   


 අත්අඩංගුවට පත් තරුණයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.   

 

 

සටහන/ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස



අදහස් (2)

අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න ගිහින් අමාරුවේ වැටුණු දියණියක්

sampath Saturday, 30 October 2021 07:41 PM

මේවට තලන්න ඕනේ මඩු වලිග වලින් .කෙල්ලන්ගේ මෝඩ කමෙත් සීමාවක් තියෙන්න ඕනේ .මහා මිනිස්සු නොකා නොබී ඩේටා කාඩ් දාලා දෙනවා .ඒ මිනිස්සුන්ට ලං වෙන්න බැරි උන හීන වලට දරුවන් යවන්න .ළමයි කටේ කිරි සුවඳ යන්න කලින් අහු මුළු වල රිංගනවා. මේවාට හෝමෝන ගහපු කෑම වර්ගත් බලපානව්වා .කෙසේ වෙතත් මෝඩ නොවී තමන්ගේ නොමිලේ දුක් විඳින මිනිස්සුන්ගේ බදු මුදලින් දෙන අධ්‍යාපනය නිසි ප්‍රයෝජන ගන්න එහෙම නොගන්නවන්, තවත් රටට බරක් .

:       0       0

sharm warn Wednesday, 03 November 2021 09:28 AM

තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වගේ අකටයුතුකම් ඕනෑම රටක ඔනම සමාජයක සිදු වෙනවා .ඒක නවත්වන්න බැහැ.නමුත් නීතියෙන් අපරාධ කරුවන් කොටු කරගන්න ක්‍රියා කිරීම හරිම වැදගත්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 522 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site