දයාසිලි ලියනගේ
දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මසකට වාහන 3 කට ඉන්ධන ලීටර් 1800 බැගින් ලබාදෙන බව අනාවරණය වී ඇත.
ඒ අනුව සියලු පළාත් සභාවල හිටපු සභාපතිවරුන් සඳහා මසකට රුපියල් 7,290,000ක මුදලක් වැය කිරීමට සිදුවන බව විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
පළාත් සභා සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් සඳහා වැටුප් ලබාදෙන අතර එයින් 4 දෙනකුට වාහනයකට ලීටර් 240 බැගින් මාසයකට ඉන්ධන ලබාදෙන බවද අනාවරණය වේ.
මේ ෙවනවිට පළාත් සභා අහෝසි වී ඇති අතර මේ අය කිසිදු රාජකාරියක නොයෙදෙන බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd