ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
(නිශාන්ත කුමාර බණ්ඩාර)
පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින පිරිස් වෙත කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හෝ ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කෙරේ.
බොහෝ දෙනෙකුට කිසිදු චෝදනාවක් නොමැතිව සැකපිට රඳවා තබා ගැනීම නිසා ඔවුන් නිකරුණේ බන්ධනාගාරගතව සිටින බවත් චෝදනා ඇත්නම් වහාම ගොනු කරන ලෙසත් ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසය ඉල්ලීමක් කර ඇතැයි එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවසීය.
මෙය කිසිසේත්ම මුස්ලිම් අන්තවාදීන්ට සහාය පළ කිරීමක් නොවන බවත් සාමාන්‍ය මුස්ලිම් වැසියන්ට සිදුවන අපහසුතාවලින් ඔවුන් මුදවා ගැනීම මෙයින් අරමුණු කරන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd