දයාසීලි ලියනගේ
විශේෂ උපාධිධාරීන් 144 දෙනෙක් රජයේ සේවයේ කම්කරු තනතුරුවල සේවය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කර ඇති සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන, භෞතික විද්‍යාව යනාදී අංශවලින් මෙම පිරිස විශේෂ උපාධිය ලබා ඇති බව අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.
මෙම පිරිස රැකියා ලැබීමට පෙර විශේෂ උපාධිය සමත් වී සිටි අය බව ද අනාවරණය වී ඇත.
මීට අමතරව සේවයේ යෙදී සිටියදී උපාධිය සමත් 230 දෙනකු කම්කරු සේවාවල යෙදී සිටින බව ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ඔවුන් සේවයක යෙදෙන අය ලෙස සලකා එම පත්වීම් ලබාදී නැති බව ද සඳහන් වේ.
මෙම පිරිස රජයේ කාර්යාලවල කාර්යාල කාර්ය සහයක හා පිරිසිදු කිරීමේ රැකියාවල යෙදී සිටින බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd