මාවෙයි සේනාධිරාජා
(නිශාන්ත කුමාර බණ්ඩාර)
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තම මන්ත්‍රී කණ්ඩායම රැස් වී තීරණයක් ගන්නා බව දෙමළ සන්ධාන ආරංචිමාර්ග පවසයි.
මේ පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණ අනුව එය විවාදයට ගැනීමට දින නියම කිරීමෙන් පසු ඒ පිළිබඳ තීරණය කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග පැවැසීය.
විශ්වාසභංගයේ අඩංගු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු දෙමළ සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර එම විශ්වාසභංගයේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව මාවෙයි සේනාධිරාජ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
එහෙත් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සෙල්වම් අඩෛක්කලනාදන් සහ චාර්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd