ආයතන වහලා: වාහනත් විකුණන්න දාලා

සුජිත් හේවාජුලිගේ
ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ සහ ගොඩනැගිලි ඉදි කිරීමේ ආයතන ඇතුළු ආයතන ගණනාවක්ම දැඩි ආර්ථික ගැටලු හේතුවෙන් පවත්වාගෙන යෑමට නොහැකිව වසා දමා ඒවායේ හිමිකරුවන් අසූවකට ආසන්න පිරිසක් දරු පවුල් ද සමග විදේශයන්හි පදිංචියට ගොස් ඇතැයි වාර්තාවේ.
තවත් පිරිසක් විදේශයන්හි පදිංචියට යෑමට අවශ්‍ය ලියකියවිලි සූදානම් කරමින් සිටින බව එම ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග වලින් පැවසේ.
මේ අතර ගොඩනැගිලි ඉදිකිරීමේ අමුද්‍රව්‍ය සපයන සමාගම් රැසක් සිය ආයතන පවත්වාගෙන යා නොහැකිව ලොරි රථ, බැකෝ යන්ත්‍ර, එස්කැවේටර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර බොහොමයක් විකිණීමට දමා ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති.
කෙසේ වෙතත් එම යන්ත්‍ර සූත්‍රවලට මේ දිනවල ඉල්ලුමක් නැති හෙයින් ඒවා නොවිකිණෙන බවත් රුපියල් කෝටි ගණන් වටිනා එම යන්ත්‍ර බොහෝ අය කුණු කොල්ලෙට මිලට ලබා ගැනීමට උත්සාහ දැරීම නිසා තමන් අපහසුතාවයට පත්ව සිටින බවත් ඔවුහු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කොහෙටද යන්න බැරි සල්ලියක් උපයලා තිබෙනවානම්.
පව් නේද එයාලා.
දැනට ඔය ලොක්කො බොහොමයක් පිටරටවලට යන්න හදන්නෙ හැත්තෑවක් පස්සෙ විවෘත ආර්ථිකය වැරදි ලෙස භාවිත කර අයුතු ලෙස බලය ධනය හම්බුකරපු අයයි. කලකම් පලදෙනවා.