ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් එළඹෙන සතියේදී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ගෙරී රයිස් මහතා පවසයි.
ජාත්‍යන්තර මාධ්‍ය මේ පිළිබඳ වාර්තා කර ඇත.
‘අපේ නියෝජිතයන් පුද්ගල මට්ටමේ හමුවක් සඳහා ලංකාවට යෑමට නියමිතයි. එහිදී ලංකාවේ බලධාරීන් සමග තාක්ෂණික සාකච්ඡා මත ගොඩනැගුණු ආධාර වැඩ සටහන පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ඇති. ලංකාව ණය ගෙවීම සඳහා තිරසාර වැඩ පිළිවෙළක් අපේ නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතුයි. ලංකාවේ ප්‍රශ්නය ගැන අපි දන්නවා. සාකච්ඡා කරනවා. ඒත් අප කරන ආධාරය කුමක්ද කියා හෝ කාලය පිළිබඳව හෝ සාකච්ඡා කිරීමට තවමත් කල් වැඩියි’ ඒ මහතා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd