(දයාසීලි ලියනගේ)
අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාමුහික ගිවිසුම්වලට එළැඹීමේ දී මින් ඉදිරියට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව, ලංකා විදුලියබල මණ්ඩලයේ සේවක වැටුප් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය නිරාකරණය කිරීම පිළිබඳ කරුණු හැදෑරීමට පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නිර්දේශ කර ඇත.
විදුලිය බල ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්බන්ධයෙන් පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල යන ඇමැතිවරු හා පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියගේ සභාගිත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබීය.
එම ඇමැති අනුකාරක සභාව මගින් මේ සම්බන්ධයෙන් කරුණු නිරීක්ෂණය කර නිර්දේශ 6 ක් රජයට ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd