(නාලක සංජීව දහනායක)
පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ රජයේ සූදානම සම්බන්ධව මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල නිලධාරීන් දැනුම්වත් කිරීමට හා ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
විවිධ හේතු දක්වමින් මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බැවින් මෙම තීරණය ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එමෙන්ම යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා ලබන මස සිට දිවයින පුරාම සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමටද ඒකාබද්ධ විපක්ෂය සූදානම් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd