
(සමන්තිකා මාධවී)
පළාත් පාලන ඡන්ද විමසුමට අදාළ බලතල හා අනෙකුත් නෛතික විධිවිධාන එම අමාත්‍යාංශය මගින් හැකි ඉක්මනින් කොමිසමට ලබා දෙන්නේ නම් ඡන්ද විමසීම නොපමාව පැවැත්විය හැකි බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේය.
එළඹෙන සැප්තැම්බර් මාසය වෙනවිට පළාත් සභාවලට අදාළ නිල කාලය අවසන්වීමට නියමිත අතර මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් ඊට ප්‍රථමව සම්පූර්ණ විය යුතුයි.
අවශ්‍ය බලතල මැතිවරණ කොමිසමට මේ වනතෙක් නොලැබී යෑම නිසා ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව යම්කිසි අවිනිශ්චිතතාවයකින් පසුවන බව සභාපතිවරයා පැවසුවේය. ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව තීරණයක් ගැනීමට පවතින තත්ත්වය බලපෑමක්වී ඇති බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd