යානා 25ක් කුලියට ගන්න යයි
(දයාසීලි ලියනගේ)
වසර 6කට රුපියල් මිලියන 58066 ක ශුද්ධ අලාභයක් ලබන ශ්‍රී ලංකන් ගුවන්සේවය ඉදිරි වසර එකහමාරක කාලය තුළ අලුතෙන් ගුවන් යානා 25 ක් කුලියට ගැනීමට තීරණය කර ඇත.
මෙම ගුවන් යානා සියල්ල එකවර කුලියට නොගන්නා අතර ඒ සඳහා දැනටමත් මිල ගණන් බලා ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඇති කල්බදු ක්‍රමයට (කුලියට) ගත් ගුවන් යානා 26 න් 4 ක් ආපසු ලබාදී ඇති අතර, ඉතිරි ගුවන් යානා 22 විටින් විට ආපසු දීමට සැලසුම් කර ඇත.
දැනට පාවිච්චි කරන කුලියට ගත් මෙම යානා මේ වනවිට කල් ඉකුත් වෙමින් පවතින තත්ත්වය යටතේ අලුතෙන් ගුවන්යානා කුලියට ගැනීමට සිදුවී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd