(අජන්ත කුමාර අගලකඩ)
නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇතත්, එය බාර ගැනීම එජාපය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරය නොව, එහි කැබිනට් අමාත්‍ය ධුරයම අවශ්‍ය බව එජාප පාර්ශ්වයෙන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරමින් පවතින බව ද එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර, ඉකුත් සඳුදා (03) පැවැති හමුවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවැසේ. එක්සත් ජාතික පක්ෂයේ තමන් කැමැති අයකුට නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරය ලබාදීමට තමා කැමති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව ද එම ආරංචිමාර්ග කියයි. මේ අතර ජනමාධ්‍ය කැබිනට් ඇමැති ධුරය ද එජාපයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd