හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්තිවලට තම ප්‍රතිපත්ති සමාන වූවත් එහි නායකත්වය වෙනස් වූවහොත් තම පක්ෂයේ සහය එම සන්ධානයට ලබාදීම පිළිබඳව සිතාබලන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.පී. විග්නේෂ්වරන් මහතා පවසති.
දෙමළ සන්ධානයට සම්බන්ධ වෙන ලෙස ටෙලෝ පක්ෂයෙන් ආරාධනාවක් ලැබුණ ද එම සංවිධානයේ ප්‍රබල පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක සහ දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතා මෙතෙක් තමන්ට ආරාධනාවක් නිල වශයෙන් කර නැතැයි ඔහු සඳහන් කළේය.
නායකත්වයේ වෙනසක් සිදුකොට නිල වශයෙන් ආරාධනාවක් කළහොත් තම පක්ෂයේ සහාය ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳ සිතා බැලිය හැකි බවද ඔහු පැවැසීය.
දෙමළ සන්ධානය සහ විග්නේෂ්වරන්ගේ තමිල් මක්කල් කුට්ටති හෙවත් (T.M.K.) පක්ෂය ඒකාබද්ධ වූවහොත් උතුරු නැගෙනහිර බහුතර ආසන සංඛ්‍යාවක් දෙමළ සංධානයට ලබාගත හැකිවනු ඇතැයි උතුරේ දේශපාලනඥයන් තුළ විශ්වාසයක් පවතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd