(දයාසීලි ලියනගේ)
ඉදිරි මාස 12ක කාලය තුළ දී ණය වාරික හා පොලිය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති බව වාර්තා වේ.
මෙයින් ඩොලර් බිලියන 2ක මුදලක් ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා වැය කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කීය.
ව්‍යාපෘති ණය, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර හා විවිධ රටවලින් ලබාගත් ණය වෙනුවෙන් මෙම මුදල වාරික හා පොලිය වශයෙන් ගෙවිය යුතුව ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
දැනට ශ්‍රී ලංකාව සතු ඩොලර් ප්‍රමාණය බිලියන දෙක හමාරක් වී ඇති අතර මාස තුනකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් ඩොලර් බිලියන 5ක ප්‍රමාණයක් වැය වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd