(දයාසීලි ලියනගේ)
කන්ටේනරයක හා ලොරි දෙකක ගෙන එන ලද සුදු රෙදි, කවකටු පෙට්ටි හා පාසල් පොත් විශාල තොගයක් පන්නිපිටියේ පිහිටි රාජ්‍ය ආයතනයක ගොඩ ගසා තිබෙන බව වාර්තාවේ.
තට්ටු පහක ගොඩනැගිල්ලේ පළමු වැනි හා දෙවැනි මහලේ මෙම බඩු ගොඩගසා තිබෙන බව දැන ගන්නට ඇත. මේ තරම් විශාල බඩු තොගයක් ගෙන්වා ඇත්තේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බවට විශ්වාසයක් පැවතුනත් මෙතෙක් ඒ සම්බන්ධව නිවැරැදි ප්‍රකාශයක් නොමැති බවද දැන ගන්නට ඇත.
මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට මෙතෙක් ක්‍රියාකර නැත්තේ මෙම බඩු තොගය ගෙන්වීමේ අරමුණ පිළිබඳව මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් නොවීම බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd