- රජයේ වෛද්‍ය නිලධාරි සංගමය රජයට යෝජනා කරයි
(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය සමාජගතවීම වැළැක්වීම සඳහා ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් සිටින රාජ්‍ය නිලධාරීන් හය දෙනාගෙන් සමන්විත කමිටු රට පුරා පිහිටුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත.
රටපුරා පිහිටි ග්‍රාමසේවා වසම් 14221ම ග්‍රාමනිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකාව මෙම කමිටුවට පත් කරන ලෙසට ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.
මෙයින් එක් නිලධාරියකුට තම ප්‍රදේශයේ නිවාස 50ක 60ක පමණ ප්‍රමාණයක වගකීම පැවරිය යුතු අතර, එම නිවාසවල වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය පැවරිය යුතු බව යෝජනා කර ඇතැයි වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය පොදුවේ ජනතාව අතර, ප්‍රචලිත වීම වැළැක්වීමට ගම් මට්ටමේ සිටම සුපරීක්ෂාකාරීවීම සඳහා මෙම කමිටු මගින් පරීක්ෂණ කටයුතු පැවැත්විය යුතුව ඇතැයි ද වෛද්‍ය පාදෙණිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර අනුරුද්ධ පාදෙණිය ඉදිරිපත්කර ඇති යෝජනාව කාලෝචිතය. ගමේ සිටින රාජ්‍ය නිලදාරීන් සමග විස්ව විද්‍යාල සිසුන්ද එකතු කරගෙන ගම මට්ටමින් වහාම කොවිඩ් මර්ධන බලකායක් පිහිටුවිය යුතුය .ඒ සඳහා අවශ්‍ය බලතල ලබාදිය යුතුය . මේ සඳහා ගමේ මන්ත්‍රීවරයාද එකතුකර ගත යුතුය.