ජාත්‍යන්තර සඟරාවක අනාවරණයක්
(දයාසීලි ලියනගේ)
ලෝකය පුරා කොරෝනා රෝගයෙන් මියගිය ලක්ෂ 5 ක පිරිසකගෙන් සියයට 96.2 ක්ම බෝ නොවන රෝගවලට ගොදුරු වී සිටි අය බව වෛද්‍ය සොයාගැනීම් පිළිබඳ ජාත්‍යන්තර ලන්සෙට් (Lancet) සඟරාව සඳහන් කර අැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය. '
එයින් පෙන්නුම් කරන්නේ දියවැඩියාව, හෘද රෝග, පිළිකා ඇතුළු බෝ නොවන රෝග වැළඳී ඇති අයට කොරෝනා වයිරසය මාරාන්තික වීමට ඉඩ ඇති බව යැයි ද වෛද්‍ය පාදෙණිය මහතා කීය.
මේ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හා පාරම්පරික ආහාර වර්ග පිළිබඳව කරුණු ඇතුළත් දත්ත පත්‍රිකාවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd