බුද්ධි අංශයකින් රජයට වාර්තාවක්
සුජිත් හේවාජුලිගේ
කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.
රජයට බාරදී ඇති විශේෂ බුද්ධි අංශ වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව මෙම වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබා දෙන ලෙස රජය එම බුද්ධි අංශයට දැනටමත් දැනුම්දී ඇත. මේ අතර ශ්‍රී ලංකා රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව අයකර ගත හැකි රුපියල් කෝටි දස දහසකට වැඩි බදු මුදලක් ඒවායේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් අහිමි වන බව විශේෂ අධ්‍යයනයකින් රජයට කරුණු අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd