සියලු ආංශික අධීක්ෂණ කමිටු සභාපති පුටු ඉල්ලයි
දයාසීලි ලියනගේ
සියලු ආංශික අධීක්ෂණ කමිටුවල සභාපති තනතුරු විපක්ෂයට ලබාදිය යුතු බවට සමගි ජන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
මීට අමතරව කෝප් කමිටුව, මුදල් කාරක සභාවේ හා කෝපා කමිටුවේ සභාපති තනතුරු ද ලබාදිය යුතු බවට ඉල්ලා ඇතැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
මීට පෙරත් ඇතැම් කාරක සභාවල සභාපති තනතුරු සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත්වී සිටි බව ද ඔහු ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය රජයට සහාය දැක්වීමේ දී මෙම කාරක සභාවල සභාපති තනතුරු විපක්ෂයට ලබාදිය යුතු බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd