(දයාසීලි ලියනගේ)
ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසමින් මැයි මස 4 වැනිදා නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීමේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත.
නියෝජ්‍ය කතානායක තනතුරේ කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරින් ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම ලබන 4 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පළමු අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතය.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ප්‍රධාන පක්ෂ දෙකෙන් නම් දෙකක් ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අතර එසේ වුවහොත් සුදුස්සා තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd