(දයාසීලි ලියනගේ)
රජයේ ඇමැතිධුර හොබවමින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළකළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනාට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාව සඳහා පෙරේදා (සිකුරාදා) වනවිට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් 50 දෙනකු අත්සන් කර තිබූ බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා කියයි.
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙන බොහොමයක් මැති-ඇමැතිවරුනට වෙන් වෙන් වශයෙන් චෝදනා ඉදිරිපත් කෙරෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ශ්‍රීලනිපයේ දේශපාලන කටයුතුවල යෙදීම සහ ඇමැති එස්.බී. දිසානායක මහතා සමෘද්ධි ව්‍යාපාරය කඩා වැට්ටවීම ආදී වශයෙන් වෙන් වෙන්ව චෝදනා ඉදිරිපත් කරන බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd