(අජන්ත කුමාර අගලකඩ)
ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර යම් හෙයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ඒ සඳහා තරග කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ දැන් සිටම සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ.
ඒ අනුව ජනාධිපතිවරණයට සූදානම් වන අතරතුරම පළාත් සභා මැතිවරණයට ද සූදානම් වන්නැයි එම දේශපාලන පක්ෂවල නායකයින් ආසන සංවිධායකවරුන්ට හා පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
දැනට කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්විය හැකි දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විසීමක් කර ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන 30 වැනිදාට පෙර තමා වෙත දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා යවා ඇති අතර එය ලබන සිකුරාදා (23) විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත් කරනු ලැබ ඇත.
පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන්නේ ද නැද්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙ මතය අනුව තීරණය වනු ඇත.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණයකට ද සූදානම් වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ සිය සංවිධායකවරුන්ට නොනිල මට්ටමින් දැනුම් දී ඇත.
ඌව පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අටේම නිල කාලය මේ වනවිට අවසන්වී ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හදිසි පළාත් සභා ඡන්දයක්? ප්‍රධාන පක්ෂ සූදානමින්