IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හකීම්, රිෂාද්, පාඨලී, මනෝ ගේ සහාය සජිත්ට

ඇමැති හර්ෂ ද සිල්වා

 

 (නිමල කොඩිතුවක්කු)   

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නි​ෙයා්ජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණ් නායකයින්ගේ සම්පූර්ණ සහාය හිමිව ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.   

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් ඇතුලු නායකයින් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට පූර්ණ කැමැත්ත පළ කර ඇතැයිද ඔහු කියා සිටියේය.   


එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රනිල් සජිත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා පක්ෂයේ සියලු දෙනා එක්කාසු කරගන්නා බවත් ඔහු සඳහන් කළේය.   


ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා ගැනීම පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (0)

හකීම්, රිෂාද්, පාඨලී, මනෝ ගේ සහාය සජිත්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site