(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන එක්වී ගිවිසුම් ගතවීම හා සමගි ජන බලවේගය නිල වශයෙන් හඳුන්වාදීමේ නිල උත්සවය හෙට (2) කොළඹ නෙළුම් පොකුණේදී පැවැත් වේ.
මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සමගි ජන බලවේගයට සහාය දක්වන සියලු පක්ෂ හා සංවිධානවල නායකයන් හා නියෝජිතයන් ගිවිසුමකට අත්සන් තබනු ලබන බව ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
සමගි ජන බලවේගයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.