(අජන්ත කුමාර අගලකඩ)
රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නැගූ චෝදනා වලට පිළිතුරු නොදීමට එම ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ඉකුත් බ්‍රහස්පතින්දා (26) රාත්‍රියේ විමල් වීරවංශ ඇමතිවරයාගේ නිල නිවසේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරක් නොදීමට එහිදී ද තීරණය වූ බව දැනගන්නට ඇත.
රට නොවසන බවට කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගෙන තිබිය දී, රට වහන්නැයි ඉල්ලා ඇමතිවරුන් තිදෙනකුගේ අත්සනින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සැක සිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඉකුත් සතියේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මන්ත්‍රීවරයාය එම ධුරයෙන් ඉවත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
541
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
486
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාගරගේ කුමන්ත්‍රණ කතාවට පිළිතුරු නොදෙන තීන්දුවක්