ශ්‍රීලනිප ඇමැති පිරිසක් හිටපු ජනපති හමුවෙති
(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂයේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා තවදුරටත් කරගෙන යාමට ශ්‍රීලනිපය කටයුතු කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
නිමල් සිරිපාල ද සිල්වා අනුර ප්‍රියදර්ශන යාපා සහ එස්.බී. දිසානායක යන අමාත්‍යවරුන් තිදෙනාගෙන් යුත් කමිටුවක්ද ඒ සඳහා පත්කර ඇති අතර එම පිරිස ඉකුත් බදාදා (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.
සන්ධාන ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය අවම වශයෙන් ඇමැති ධුර 5ක්වත් බාරගත යුතු බවට ශ්‍රීලනිපයෙන් යෝජනාවී ඇති අතර එහෙත් ඒකාබද්ධ විපක්ෂය වගකීම් භාරගැනීමට කැමැත්තක් පළකර නැතැයි ද දැන ගන්නට තිබේ.
එසේ වුවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා දිගටම කරගෙන යාමට එකඟතාව පළවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සංකල්පීය සැලැස්මක්ද සකස් කර ඇති බවත් එය අදියර තුනක් යටතේ සැලසුම් කර ඇති බවත් වාර්තාවේ.
ආණ්ඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට කාලය ලබාදීම ආණ්ඩුවේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සතිපතා සමාලෝචනය කිරීම සහ ඒකාබද්ධ විපක්ෂය සමඟ දිගටම සාකච්ඡා කිරීම එම අදියර තුන බව ද දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්‍රීලනිප තනි ආණ්ඩුවකට සාකච්ඡා දිගටම