
(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ විෂය භාර ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කර එකඟතාවක් ඇතිකර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම්දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අගදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එහිදී මෙරට ව්‍යාපෘති කිහිපයක් ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇත.
ඉන්දියාව සමඟ අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුම් යටතේ එරටට බදුදෙන ව්‍යාපෘති කිහිපයක ලැයිස්තුවක්ද ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිපදෙනකු එහිදී පරස්පර අදහස් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට තිබේ.
මේ නිසා එම ගිවිසුම අත්සන් කිරීමට පෙර ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාළ විෂයභාර ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කර කඩිනමින් එකඟතාවකට එන්නැයි ජනාධිපතිවරයා එහිදී දැනුම්දී ඇත.
2025 නොවැම්බර් මස 21
15
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
134
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
981
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වරාය දේපොල-ත්‍රි’මල තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න කලින් තවත් සාකච්ඡා